Home / ජීවීතය සුන්දරද / අලුත් බබා නිසා වැඩිමහල් දරුවන්ගේ සිත් රිදිලද

අලුත් බබා නිසා වැඩිමහල් දරුවන්ගේ සිත් රිදිලද

2015-04-29 10:33:00       619
feature-top
අලුත් බබෙක් ගෙදරට ආවාම පළමුවැනි බබාට ලොකු කම්පනයක් ඇති කරන හේතුවක් වනවාග නමුත් අම්මාල තාත්තා ඇතුළු නෑදෑයන් දරුවන් දෙදෙනාටම එක ලෙස සැලකුවහොත් මේ තත්ත්වය ලේසියෙන් මඟ හරවාගත හැකියිග

හුඟක් වේලාවට මෙහෙම වෙන්නේ පළමුවැනි බබාට අම්මා එක්ක හුරතල් වෙන්නල කිරි බොන්නල අම්මා ළඟටම වෙලා ඉන්න ලැබෙන්නේ නැති නිසයිග මේ නිසාම විවිධ මානසික ප්‍රශ්න ඇති කරගෙන මානසිකව කඩා වැටුණු දරුවන් අනන්ත ප්‍රමාණයක් දකින්න පුළුවන්ග
අලුත උපන් දරුවෙක් ගෙදර ගෙනල්ලා මාස 06ක් පමණ යන විට පළමු බබාගේ හැසිරීමේ වෙනසක් ඇති වනවාග ඒ එම දරුවාට තිබෙන අවධානය අඩු වෙලා අලුතින් ගෙනා දරුවාට ගෙදර අයගේ අවධානය යොමුවන නිසායිග ,තමන්ට තිබුණු ආදරය අලුත් බබා නිසා නැතිවුණාටල සැලකිල්ල නැතිවුණ, කියලා ඒ බබා හිතනවාග
අන්න එවැනි අවස්ථාවලදී පළමු දරුවා ප්‍රචණ්ඩ වෙන්න පුළුවන්ග ඒ එයාට අවශ්‍ය අවධානය ලබාගන්නග හයියෙන් කෑගහනවාල අඬනවාල අම්මාට ගහනවාල සමහරවිට අලුතින් ගෙනාව බබාට ගහනවාල කොනිත්තනවා වගේ දේවලුත් කරන්න ඒ දරුවන් පසුබට වන්නේ නැහැග බොහෝ විට දරුවන් මෙහෙම කරන්නේ අවධානය දිනා ගන්නයිග සමහර විට පාසලේදීත් ළමයින්ට ගහනවාල නරක වචන කියනවා දකින්න පුළුවන්ග අලුත් බබා නිසා දරුවාට නොලැබෙන අවධානය දිනා ගැනීමේ උපක්‍රමයක් ලෙස දරුවන් මේ දේවල් කරනවාග


මෙවැනි අවස්ථාවලදී මව තමන්ගේ පළමු දරුවා පිළිබඳ තේරුම් ගත යුතුයිග ඒ වගේම දරුවාගේ හැසිරීමේ වෙනස්කම් තේරුම් ගෙන දරුවාට තරවටු කිරීමෙන් වැළැකී ආදරය සහ අවධානය ලබා දීමත් ඉතාම වැදගත්ග දරුවා සුරතල් කිරීමල විශේෂයෙන් ,අලුත් බබෙක් ගෙනාවත් ආදරයේ අඩුවක් සිදුවී නැති බව, පෙන්වීම මඟින් දරුවා වෙනස්කළ හැකියිග
අලුත් බබාගේ පුංචි වැඩවලට පළමු දරුවාව සහභාගි කරවා ගන්නග පුංචි බබාට අන්දවන ඇඳුම් තෝරා දෙන්නල සපත්තු මේස් දාන්නග තොප්පි දානන්න වගේ පුංචි පුංචි වැඩවලට දරුවා සම්බන්ධ කරගන්න පුළුවන්ග එයාටත් තමන්ගේ ගෙදරට ආපු පුංචි අමුත්තා වෙනුවෙන් යමක් කරන්න දෙන්නග
අම්මා පළමු දරුවාට ඇතිවන මෙවැනි ගැටලුවලට නිසි අවධානය යොමු නොකළහොත් පසුකාලයකදී දරුවා තුළ පෞරුෂය පිළිබඳ ගැටලුව ඇති විය හැකියිග එසේම විෂාදය වැනි මානසික රෝග පවා ඇතිවනවාග ඒ නිසා අලුත් දරුවකු පවුලට එක්වූ විට පළමු දරුවාට සෙනෙහස සහ ආදරය වැඩියෙන් දැක්වීම මව සහ පියා සතු වගකීමක්

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »