Home / ජීවීතය සුන්දරද / රූපවාහිනිය නැරැඹීමට ඇබ්බැහි වෙලාද?

රූපවාහිනිය නැරැඹීමට ඇබ්බැහි වෙලාද?

2015-04-30 09:26:00       619
feature-top
සෑම හැන්දෑවකම එක පැයක් රූපවාහිනිය ඉදිරිපිට කාලය ගත කරනවා නම් එක අවුරුද්දකට මාස දෙකක් ඔබ නිකරුණේ අපතේ හරිනවාග රූපවාහිනියට ඇබ්බැහි වුණු පුරුද්දෙන් අත්මිදෙන්න මේ උපදෙස් අත්හදා බලන්න.

ඔබේ නිවෙසේ එක් රූපවාහිනි යන්ත්‍රයකට වඩා වැඩියෙන් පවතිනවා නම් එක් රූපවාහිනි යන්ත්‍රයක් පමණක් තබා අනෙක ඉවත් කරන්න.

රූපවාහිනිය නැරැඹීමේදී නිශ්චිත එක් වැඩසටහනක් පමණක් නරඹන්නග ඒ හැරුණු විට එකක් ඉවර වූ පමණින් එකක් යනුවෙන් වැලක් ආකාරයට වැඩසටහන් නැරැඹීමෙන් වළකින්න.

ඔබ රූපවාහිනිය නැරැඹීමට වාඩි වන මොහොතේ එහි අවසන් වන වේලාවට නාද වන එළාම් ඔරලෝසුවක් රූපවාහිනියට අෑතින් වෙනත් කාමරයක තබන්නග එය නාද වන විට ඔබේ ආසනයෙන් නැඟිට රූපවාහිනි යන්ත්‍රයද ක්‍රියා විරහිත කරන්න.

රූපවාහිනිය ක්‍රියාත්මක කරවන දුරස්ථ පාලකය ඉවත් කරන්නග එවිට ඔබට සුව පහසු අයුරින් රූපවාහිනිය ඉදිරිපිට ගත කරන්න සිදුවන කාලය අවම වෙයි.

ඔබේ පවුලේ සියලු දෙනා රැස්වන තැන රූපවාහිනිය තැබීමෙන් වළකින්න.

රූපවාහිනිය සැඟවුණු ස්ථානයක තබන්න.

රාත්‍රි ආහාරය අනුභව කිරීමට හෝ විවේකීව ගතකිරීමට රූපවාහිනිය ඉදිරිපිට තෝරා ගැනීමෙන් වළකින්න.

දරුවන් ඔවුන්ගේ වැඩ කරන විට රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න.

තෝරාගත් රූපවාහිනි වැඩසටහන් පමණක් නරඹන්නග ඒ හැරුණු විට රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමෙන් වළකින්න.

ඔබ රූපවාහිනිය නැරැඹීමට හුරු වූ කාලය තුළ නිම කිරීමට වෙනත් වැඩ ලැයිස්තුවක් සකස් කරගන්න.

සවස් කාලය එළිමහනේ ගත කරන්නග ඇවිදීමට හෝ විනෝද ක්‍රීඩා කිරීමට හුරුවන්න.

මෙතෙක් කලක් රූපවාහිනිය නැරැඹීමට තබා තිබූ පුටු වෙනස් කරන්නග සුවපහසු ආසන ඒ සඳහා තෝරා ගැනීමෙන් වළකින්න.

රූපවාහිනිය නැරැඹීමට පෙර නිශ්චිතව මෙම වැඩකොටස් අවසන් කරනවා යැයි තීරණය කරන්න.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »