Home / ජීවීතය සුන්දරද / කැරට් දියවැඩියා රෝගීන්ට අගුණයිද ?

කැරට් දියවැඩියා රෝගීන්ට අගුණයිද ?

2015-05-07 09:33:00       608
feature-top
කැරට් එළවළුවක්. නමුත් මෙය ගසක මුලක්ල එහි ගහට අවශ්‍ය කරන පෝෂක අඩංගුයි. සාමාන්‍ය ගහකට වඩා වෙනස්ග අලල බතලවල මෙන් විශාල ප්‍රමාණයක් පිෂ්ටය අඩංගු නැහැ. පිටි සහිත ආහාරවලට වඩා මේ මූල වෙනස්වනවා. මෙහි විටමින් ඒ අඩංගු වීම ප්‍රධානම විශේෂත්වයක්.එහි අඩංගු කැරෝටීන් මඟින් අපේ සිරුරේ විටමින් ඒ නිෂ්පාදනය වනවාග එය ඇස් පෙනීමට ඉතාම වැදගත්ග විටමින් ඒ උෟනතාව මෙරට කුඩා දරුවන් අතර බහුලව තිබෙන ගැටලුවක් වන අතර ඒ සඳහා සුදුසුම ආහාරයක් ලෙස කැරට් හඳුන්වන්න පුළුවන්. කැරට්වල සීනි අඩංගු නිසා දියවැඩියාව සෑදේද යන ගැටලුවක් තිබෙනවා. දියවැඩියාව තිබෙන අය ආහාර තෝරා ගැනීම සහ ප්‍රමාණය ඉතාම වැදගත්.අමු කැරට් ආහාරයට ගත් විට සීනි ඉහළ යෑම හුඟක් අඩුයි.සංඛ්‍යාත්මක දර්ශක අනුව කැරට්වල ග්ලයිසිමික් දර්ශකය 35%යි. ග්ලයිසිමික් දර්ශකය යනු ආහාරයක් ගත්විට එයින් සිරුරේ සීනි ප්‍රමාණය කෙතරම් ඉහළයැයි දැයි තීරණය කරන දර්ශකයයි. ඒ අනුව 70%ට වැඩි ආහාර මඟින් සිරුරේ සීනි ප්‍රමාණය ඉහළ යෑම වැඩිවනවා. නමුත් එක්වර කැරට් අලයක් දෙකක් ආහාරයට ගැනීමෙන් සීනි ප්‍රමාණය ඉහළ යන්නේ නැහැ. නමුත් කැරට් තැම්බූවිට ග්ලයිසිමික් දර්ශකය ඉහළයා හැකියි. නමුත් අමු කැරට් අලයක් ආහාරයට ගැනීම ගැටලුසහගත නැත

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »