Home / ජීවීතය සුන්දරද / මයිකේ‍රාවේව් උඳුනට දැමීමට නුසුදුසු ආහාර

මයිකේ‍රාවේව් උඳුනට දැමීමට නුසුදුසු ආහාර

2015-05-19 10:56:00       605
feature-top

කාර්යබහුල ගෘහණියක් වන ඔබත් මුළුතැන්ගෙයි කටයුතු පහසු කරගැනීමට විවිධ විදුලි උපකරණ භාවිත කරනවා ඇති. මේ අතරින් මයිකේ‍රාවේව් අවන් එකට වැඩි අවධානයක් යොමු වෙයි. ඒත් මෙයට දැමීමට සුදුසු හා නුසුදුසු දේ ගැන ඔබ දැනුවත්ද?

තම්බාගත් බිත්තර
තම්බාගත් බිත්තර නම් මයිකේ‍රාවේව් උඳුනක තැබීම සුදුසු නැහැ. තවදුරටත් රත් වීමෙන් ඒවා පුපුරා ගොස් ඇතුළත සාරය වැටීම නිසා එය පිරිසුදු කිරීමටද අපහසුයි.


අමු මස්
ශීතකරණයෙන් පිටතට ගත් මස් කැබැලිවල සිසිල් බව නැති කිරීමට මයිකේ‍රාවේව් උඳුනේ තැබීම නුසුදුසුයි. ඉන් විසබීජ පැතිර යන අතරම එහි උෂ්ණත්වය පාලනයටද බාධාවකි.


මවුකිරි
මවු කිරි ද මෙම උඳුනේ තබා රත් කිරීම නුසුදුසු වන්නේ එහි අධික උණුසුම දරුවාගේ කට පිළිස්සීමට හේතුවන නිසා හා එහි අඩංගු ප්‍රෝටීන හා ප්‍රතිශක්තිකරණ ගුණය නැතිව යන බව පර්යේෂණ මඟින් තහවුරු කර ඇති නිසයි.


ඇලුමිනියම් භාජන
අතේ ගෙන යා හැකි ඇලුමිනියම් බඳුන් හා වෙනත් බඳුන් තැබීමද නුසුදුසුයි.


ප්ලාස්ටික් භාජන
අධික උෂ්ණත්වයේදී ප්ලාස්ටික් උණුවන නිසා ඉන් පිටවන රසායනය අහිතකර වීම මෙයට හේතුවයි.


දිවා ආහාර අසුරා ඇති
ඍජුෆෝම් පෙට්ටි
ආහාර රත්වන විට මෙම පෙට්ටියෙන් නිකුත් කරන රසායනය ඉතාම හානිකරයි.


පෝසිලෙන් පිඟන්
වර්ණවත් පිඟන් වෙනුවට අවර්ණ වීදුරු පිඟන් මේ සඳහා යොදාගන්න.


උෂ්ණත්වය රඳන කෝප්ප
තේ හෝ කෝපි වැනි දෑ තබන කෝප්ප උෂ්ණත්වයට ඔරොත්තු දුන්නද එහි යට මයිකේ‍රාවේව් උඳුනක තැබීමට සුදුසු යැයි සඳහන් වේදැයි බලන්න.


මයිකේ‍රාවේව් උඳුනේ
සඳහන් උපදෙස් කියවන්න
මයිකේ‍රාවේව් උඳුනේ නිසි පැවැත්ම මෙන්ම සෞඛ්‍යාරක්ෂිතව ආහාර ගැනීමටත් ඔබ එහි සඳහන් උපදෙස් කියවා එය හොඳින් පිළිපදින්න.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »