Home / ජීවීතය සුන්දරද / Sun Protection Cream සමේ පිළිකා අවදානම වැඩි කරනවාද ?

Sun Protection Cream සමේ පිළිකා අවදානම වැඩි කරනවාද ?

2015-05-20 09:51:00       675
feature-top
කොයි තරම් පරෙස්සම් වෙන්න හැදුවත් ලංකාවේ ඉන්න අපි දවසේ වැඩි වෙලාවක් අහිතකර හිරු කිරණ වලට නිරාවරණය වෙනවා. මේ UV කිරණ වලින් අපේ සමට කරන හානිය මතුපිටින් ඇති වන අව පැහැ ගැන්වීමට වඩා බොහොම දරුණුයි.

මේ කිරණ නිසා සමේ පිළිකා තත්ත්ව ඇති වන බව වෛද්‍යවරුන් පවසනවා. මේ නිසාම ගොඩක් අය එලියට යද්දී Sun Protection Cream වර්ගයක් පාවිච්චි කරන්නට හුරු වෙලා ඉන්නවා.

එත් ඔබේ Sun Protection Cream එකෙන් ඔබට අවශ්‍ය ආවරණය ලැබෙනවාද? ඔබට සුදුසුම Sun Protection Cream එකක් තෝරාගන්න හැටි ඔබට කියලා දෙන්නට අද Life අපි හිතුවා.

ඔබ දන්නවාද Sun Protection Cream එකක SPF අගය ගැන? ඒ මගින් තමයි තීරණය වන්නේ ඔබේ Sun Protection Cream එක ඔබට මොන තරම් පරාසයක ආරක්ෂාවක් ලබා දෙනවාද යන වග.

ඔබට සුදුසු Sun Protection Factor එහෙමත් නැත්නම් SPF අගය 30 ක් විය යුතුයි. මෙහි අදහස වන්නේ Sun Protection Cream එකක් ආලේප කළ පසු කිසිදු ආලේපයකින් තොරව හානියක් නොවී හිරු එලියට නිරාවරණය වනවා මෙන් තිස් ගුණයක කාලයක් හිරු එළියේ ඉන්නට පුළුවන් යන්නයි.

නමුත් මෙහි වැදගත් කරුණ වන්නේ ඔබේ Sun Protection Cream එකෙන් අවශ්‍ය ආරක්ෂාව නිවැරදිව ලැබුනේ නැත්නම් ඒ මගින් ඔබව වැඩි අවදානමකට ලක් කිරීමයි. ඒ කියන්නේ ඔබ කිසිදු ආලේපනයකින් තොරව අව්වේ ඉන්නවට වඩා වැඩි පිළිකා අවදානමක් ප්‍රමිතියෙන් තෝරා Sun Protection Cream වර්ගයක් ආලේප කිරීම මගින් ඔබට ලැබෙනවා.

මේ නිසා ඔබ අනිවාර්යෙන් ඔබට සුදුසුම Sun Protection Cream වර්ගය සොයා ගත යුතුයි.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »