Home / ජීවීතය සුන්දරද / ඔබේ වයස අවුරුදු හතරකින් අඩු කර පෙන්විය හැකි රහස මෙන්න

ඔබේ වයස අවුරුදු හතරකින් අඩු කර පෙන්විය හැකි රහස මෙන්න

2015-05-27 10:06:00       611
feature-top

තරුණ කම රක ගන්න තරුණ බව පෙන්වන්න වයස හංගන්න තමයි කාගේත් කැමැත්ත. මොකද තමන් වියපත් වෙලා කියලා පේනවට කවුරුත් කැමති නැහැනේ.

මේ නිසාම එන්න එන්නම ප්ලාස්ටික් සැත්කම් වගේ විසඳුම් වලට යොමු වෙන පිරිස වැඩි වෙලා.

නමුත් ඔබ දන්නවාද ඔබේ වයස අවුරුදු හතරකින් අඩු කර පෙන්වන්නට පුළුවන් රහස තියෙන්නේ ඔබ ළඟම බව.

අලුත්ම සමීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා එක සිනහවකින් පමණක් ඔබට වඩා තරුණ පෙනුමක් එක කරන්නට හැකි බව.

කනගාටු වීම, ආතතියෙන් සිටීම වගේ මානසික පිඩාවක සිටින විට ඔබේ මුහුණ වඩා වියපත් වී පෙනෙනවා.

මනෝවිද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ටයකු වන මිරියාම් අක්තාර් විසින් වයස අවුරුදු 12 සිට 28 දක්වාත් වයස අවුරුදු 69 දක්වාත් වන වයස් කාණ්ඩ වල සිටින පුද්ගලයින් 2000 කගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මේ සමීක්ෂණය මගින් සිනහවෙන් කල් ගෙවන පුද්ගලයින් වියපත් ලක්ෂණ පෙන්වන්නට ගන්නා කාලය අනෙක් අයට වඩා වැඩි බව සහතික වුණා.

ඉතින් තරුණ පෙනුමක් ගන්න එක එක දේවල් කරන වෙලාවේ කිසි වියදමක් නැතුව මුහුණම එලිය කරන එක සිනහවකින් ඔබව හැඩ කරන හැටි අපුරුයි නේද?


Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »