Home / ජීවීතය සුන්දරද / H1N1 ඉන්ෆ්ලුවන්සාව කලින්ම හඳුනා ගන්න

H1N1 ඉන්ෆ්ලුවන්සාව කලින්ම හඳුනා ගන්න

2015-06-03 04:25:00       608
feature-top
H1N1 ඉන්ෆ්ලුවන්සා තත්වය සූකර උණ ලෙස ප්‍රසිද්ධ වූ ශ්වසන පද්ධතිය ආසාදනය ඇතිකරන රෝගයක්. මෙම වෛරසය පහසුවෙන් සහ ඉතා ඉක්මනින් ශ්වසන මාර්ගය ඔස්සේ පැතිරෙනවා.

ඌරුමස් අනුභවය නිසා මෙම රෝගය කිසිසේත්ම වැළඳෙන්නේ නැහැ.

ආසාදනය වැළඳීමෙන් පසු රෝග ලක්‍ෂණ පෙන්වන්නට සාමාන්‍යයෙන් දින 3 ත් 5 ත් අතර කාලයක් ගත වන අතර රෝගය වැළඳීමෙන් අනතුරුව දින 8 ක් පමණ කාළයක් මෙම රෝගය ශරීරය තුළ පවතිනවා. එම කාලය තුල අන් අයට බෝ වීමේ ඉඩ තිබෙනවා.

මෙහි රෝග ලක්ෂණ වන්නේ..

    වරින් වර මතු වන උණ
    වියළි කැස්ස
    උගුර කැක්කුම
    ශරීරයේ වේදනා
    ඇඟ සිතල වීම
    පපුව මහන්සිය
    බඩයාම සහ පාචන තත්ත්‍වයන්
    වමනය

සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුට ඉන්ෆ්ලුවන්සා වැළඳුනහොත් සහ සුළු රෝග ලක්‍ෂණ පමණක් පෙන්වුවහොත්, වෛද්‍ය පරීක්‍ෂාවකින් තොරවම සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවට ගන්නා ප්‍රතිකාර වලින් සුව කරගත හැකියි.

නමුත් මෙය ගැබිණි මව්වරුන්, හෘද රෝගීන්, ඇදුම වැනි රෝග ඇත්තවුන් ආදියට වඩාත්ම භයානක වන්නට පුළුවනි. එවැනි අවස්තාවක රෝහල් ගත වීමක් අවශ්‍ය වනවා.

එසේම මෙම තත්ත්‍වය සංකීර්ණ වුවහොත්, හෘද රෝග, ඇදුම, දියවැඩියාව වැනි රෝග උත්සන්න වීමේ හැකියාව තිබෙනවා.. ඔවුනට නියුමෝනියාව, ශ්වසන අපහසුතා ඇති වීමේ අවදානම ද අධිකයි.

මෙසේ වැඩි අවදානයක් යොමු කල යුතු අවදානම් කාණ්ඩයේ ඇති රෝගීන් වන්නේ.

    රෝහල්ගත කරන ලද අය
    ශ්වසන අපහසුතා ඇති අය
    අවුරුදු 5 ට වඩා අඩු දරුවන්
    අවුරුදු 65 ට වඩා වැඩි පුද්ගලයන්
    ගර්භණී මව්වරුන්
    අවුරුදු 19 ට අඩු දිගුකාලීනව ඇස්පිරින් වැනි ඖෂධ ලබාගන්නා රෝගීන්
    ඇදුම, දියවැඩියාව, හෘද රෝග, වකුගඩු රෝග, අක්මා රෝග, ආදී ඇති පුද්ගලයන්
    ඒඩ්ස් වැනි රෝග ආසාදනය නිසා ප්‍රතිශක්තීකරණය දුර්වල වූ පුද්ගලයන්



Wmqgd .ekSu taIshka r weiqfrks

More News »