Home / ජීවීතය සුන්දරද / දහඩිය දුගඳ ඔබටත් ප්‍රශ්නයක්ද ?

දහඩිය දුගඳ ඔබටත් ප්‍රශ්නයක්ද ?

2015-06-04 02:54:00       631
feature-top
සිරුරින් හමන දුගඳ හේතුකරගෙන සමාජයේදී විවිධ ගැටලුවලට මුහුණපාන අය අපට සුලබව මුණගැසේ. එය තමන්ට පමණක් නොව අවට සිටින අයට ද බලපාන ගැටලුවකි.
එයා ළඟ හරි ගඳයි
මිනිස්සුන්ට එහෙම කියන්න හොඳ නැහැ තමයි. ඒ වුණත් එයා ළඟින් එන ගඳ නම් ඉවසන්නම බැහැ
මෙවැනි කතාබහ ඔබටද ඇසී ඇතිවාට සැක නැත. සාමාන්‍යයෙන් අපගේ ශරීරවලින් මෙවැනි ගන්ධයන් මතුවන්නේ වයස ගෙවී යාමත් හා සමගය. කුඩා දරුවකුගේ ශරීරයෙන් මෙවැනි දුර්ගන්ධයක් මතුවන්නේ නැත. නමුත් වැඩිවියට පත්වන විට සිරුරේ හෝමෝනවල හටගන්නා විවිධ වෙනස්කම් මෙවැනි දුර්ගන්ධවලට හේතුවෙයි.
විශේෂයෙන් මුළු සිරුරටම දහදිය දැමුවත් කිහිලි, ඉකිලි වැනි තැන්වලින් මතුවන දහදිය මෙවැනි දුගඳක් මතුකිරීමට ප්‍රධාන ලෙසම හේතුවෙයි. එසේම සමහර අයට දමන දහදිය හේතුකරගෙන වැඩි දුගඳක් මතුකරන අවස්ථා තිබේ. දහදිය මතුවන නමුත් සැමගේ සිරුරුවලින් එකම ආකාරයට දුඟද මතු නොවේ. සමහර අයට ඉතා ස්වල්ප ලෙස දමන දහදියේ වුවද අධික දුගඳක්
රැඳී තිබෙන්නට පිළිවන. සාමාන්‍යයෙන් කෙනෙකුට තමන්ගේ දහදිය ගඳ ප්‍රබල ලෙස දැනෙන්නේ නැත. එය තමාගේම ශරීරයෙන් විහිදෙන නිසාත් නාස්පුඩු ඒවාට හුරුව තිබිමත් එයට හේතු විය හැකිය. නමුත් අවට සිටින ළඟ සිටින අයට මෙම දහදිය දුගඳ  වැඩිපුර දැනේ. තම දහදිය දුගඳ හේතුකරගෙන පීඩා විඳින්නේ ළඟින් සිටින අයයි.
තමන් ළඟින් දහදිය දුගඳ හමන බව හඳුනාගත් විට ඒ අය විශේෂයෙන්ම මේ දුගඳ  අඩුකර ගැනීම සඳහා ක්‍රම උපායන් අනුගමනය කිරීම ඉතාම වැදගත්ය. කිහිලිවල රෝම ඉවත් කිරීම, ඩියෝඩ්‍රන්ට් වර්ගයක් භාවිතා කිරීම, දහදිය හොඳින් සේදුම වැනි දේ කළ හැකිය. දහදිය දුගඳ  නැතිකර ගැනීමට ලෝකය පුරා විවිධ ආ‍ලේපන වර්ග රාශියක් නිෂ්පාදනය
කර තිබෙන නමුත් ඒවා භාවිතා කිරීමෙන් පමණක් දහදිය දුගඳ නැතිකර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත.
මේ කුමන ආ‍ලේපන වර්ගය භාවිතා කළ ද එය කළ යුත්තේ සිරුර ඉතා හොඳින් පිරිසිදු කර ගැනීමෙන් අනතුරුවය. අද සමාජය තුළ දහදිය දුගඳ මේ තරම් ගැටලුවක් බවට පත්වන්නට හේතු වී තිබෙන්නේ මිනිසුන්ට තම ශරීරය පිරිසිදු කරගැනීමට තරම්වත් වෙලාවක් නොමැතිකමය. උඩින් පල්ලෙන් ඇඟපත සෝදා ගෙන, නාගෙන දහදිය දුඟද නසන දේ ආ‍ලේප කරගත්තාට දුගඳ  පහවන්නේ නැත. ශරීරයේ දහදිය හොඳින් ඉවත් වී යන ආකාරයට හොඳින් අතුල්ලා පිරිසිදුකර ගැනීම මගින් දුගඳ බොහෝ දුරට ඉවත් කරගත හැකිය.
දහදිය දමා රැඳී තිබෙන කිහිලි, ඉකිලි, පියයුරු යට ඇගේ රැලි සහිත තැන් නැමෙන තැන් හොඳින් පිරිසිදු කර තෙත මාත්තු කර ගැනීම ද කළ යුතුය. කිසියම් ආ‍ලේපනයක් සුවඳ කාරක දියරයක් ගැල්විය යුත්තේ ඉන් අනතුරුවය.
විශේෂයෙන් මේ ආකාරයට දහදිය දුගඳ  ඇති කාන්තාවන් සාරි හැට්ට අඳින විට නිතරම ඒවා කපු රෙද්දකින් ලයිනින් කර ගන්නවා නම් දහදිය උරා ගැනීම පහසු කරවයි. සිල්ක් රෙද්දකින් හැට්ට මසා ගත්තා වුවද ලයිනින් කිරීම සඳහා පමණක්වත් කපු රෙද්දක් භාවිතය සුදුසුය.
එසේම දහදිය දැමූ ඇඳුම් ඉතා හොඳින් සෝදා තද අව්වක වියළා ගැනීම ද කළ යුතුමය. දහදිය හා සමග එකම ඇඳුම දින කීපයක් ඇඳීමෙන් දහදිය දුගඳ  තවත් වැඩිවෙයි.
දහදිය දුගඳ වැඩි අය හොඳින් වතුර බිමෙන් එසේම මස් වර්ග, තෙල්, රසකාරක අඩංගු කෑම වර්ගවලින් වැළකී සිටීමෙන් ද සිරුරේ දුගඳ අඩුකරගත හැකිය.
දහදිය අධික ලෙස පිටවන කාර්යයන්, විශේෂයෙන් ව්‍යායාම ආදියෙහි යෙදෙන විට ඇඳීම සඳහා වෙනම ඇඳුම් කීපයක් තබා ගන්න. ඒවා කපු ඇඳුම් නම් වඩාත් සුදුසුය. එසේම ඒවා සාමාන්‍ය කාර්යයන් සඳහා භාවිතා නොකිරීම සේම දහදිය ගෑවුණූ විට හොඳින් සබන් යොදා සෝදා තද අව්වේ වියළා නැවත භාවිතයට ද හුරුවන්න.
එසේම මේ ආකාරයේ දහදිය දමන අය ඇඳුම් සෝදන විට සබන් යොදා සෝදා ගත් පසු සුවඳ කාරකයක් අඩංගු දියරයකින් නැවත සෝදා ගත හැකිනම් දුගඳ අඩුකරගත හැකිය.



Wmqgd .ekSu ,lau mqj;a m; weiqfrks

More News »