Home / ජීවීතය සුන්දරද / ඩෙංගු අවදානම් ලක්ෂණ නැතත් ඉක්මණින් රෝහල් ගතවිය යුත්තේ කවුද?

ඩෙංගු අවදානම් ලක්ෂණ නැතත් ඉක්මණින් රෝහල් ගතවිය යුත්තේ කවුද?

2015-06-05 09:34:00       582
feature-top
මේ වැස්ස සේම තද හිරු එළියද එක සේම පවතින කාලයකි. මේ පරිසර තත්ත්වයන් හා සමග ඩෙංගු උණ රෝගය පැතිරීමේ අවදානම බොහෝ සේ ඉහළයයි. සාමාන්‍ය ඩෙංගු උණ සේම ඩෙංගු රක්තපාත උණ සේම අසාමාන්‍ය ලක්ෂණවලින් යුතු ඩෙංගු උණ ලෙස මෙම රෝගයේ අවස්ථා කීපයකි. උණ නොසලකා හැරීමෙන් මේ ජීවිත අවදානම් තත්ත්ව දක්වා වර්ධනය වියහැකි බැවින් උණක් හටගත් විට ඉතා කල්පනාකාරීව එයට මුහුණදීම ඉතාම වැදගත්වෙයි. උණ හා සමග හිසරදය, ඇස්යට වේදනාව, මස්පිඬු සහ සන්ධිවල වේදනාව, ඔක්කාරය, වමනය, සමෙහි ලප මතුවීම, රුධිර වහන තත්ත්වයන් (සමහර විට මෙය හදිසියේ ඇතිවන ඔසප්වීමක්ද විය හැකිය) ඇතිවේ නම් බොහෝවිට ඒ ඩෙංගු උණ විය හැකිය. එබැවින් මෙවැනි ලක්ෂණ සහිතව උණ පවතී නම් වහා වහා රජයේ රෝහලකින් ප්‍රතිකාර පැතීම වඩාත් යෝග්‍ය වෙයි.
එසේම උදරයේ ඇතිවන අධික වේදනාව, නොනවත්වාම පවතින වමනය, අධික නිදිමත නොසන්සුන් බව, අප්‍රාණික බව, විදුරුමස් වලින්, නාසයෙන්, ‍ලේ ගැලීමක් දුඹුරු හෝ කළු පාටට වමනය යාම, මලපහ පිටවීම, පැය හයකට වැඩි කාලයක් මල මුත්‍ර පහනොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය ඉතා අඩුවීම අවදානම් ලක්ෂණ විය හැකිය.
උණක් හටගත් වහාම කළ යුතු වන්නේ වෙහෙසකර කටයුතුවලින් බැහැරවී ඉතා හොඳින් විවේක ගැනීමය. උණ පාලනය සඳහා පැරසිටමෝල් ඖෂධය පමණක් නියමිත කාලසීමාවේදී නියමිත මාත්‍රාව පමණක් ලබාගත යුතුය. ඉතා තදින් උණ තිබේනම් පිරිසිදු රෙදි කඩක් උණුසුම් ජලයේ ‍පොඟවා රෝගියාගේ ශරීරය තැවීම කරන්න. වේදනා නාශක ඖෂධ  කාණ්ඩයේ ඖෂධ වර්ග හෝ ස්ටීරොයිඩ් ලබාගැනීමෙන් තරයේම වළකින්න. සැහැල්ලු  එහෙත් ‍පෝෂ්‍යදායි ආහාරපාන ලබා ගන්න. එහෙත් රතු දුඹුරු පැහැ ආහාරවලින් වළකින්න. උණ සමග වමනය පවතී නම් විජලන තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් තැඹිලි වතුර, කැඳ, කිරි, ජීවනී වැනි මුඛ සජලන පාන වර්ග  පලතුරු යුෂ වැඩිපුර ලබා ගන්න. උණ පවතින කාලය තුළ විශේෂයෙන්ම මදුරු දෂ්ඨන වළක්වා ගැනීම සඳහා මදුරු දැලක් යට ප්‍රවේසම් වන්න.
අවදානම් ලක්ෂණ නොමැති වුවද ගර්භණී මව්වරුන්, අධි බර සහිත අය අවුරුද්දට අඩු දරුවන් සහ වැඩි වයස් පුද්ගලයන්, දියවැඩියාව, ඇදුම, වකුගඩු රෝගීන්, රුධිරය හා සම්බන්ධ රෝගීන් උණ පවතී නම් රෝහල්ගතවීම වඩාත් සුදුසුය. උණ තත්ත්වය සුළුකොට නොතකා ඉක්මනින්ම නිසි ප්‍රතිකාරවලට යොමුවීමෙන් අවදානම් තත්ත්ව බොහොමයක් වළක්වා ගත හැකිය.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අනුග්‍රහයෙනි

Wmqgd .ekSu ,lau mqj;a m; weiqfrks

More News »