Home / ජීවීතය සුන්දරද / තම පුතු ගැන අම්මලා දකින සිහින

තම පුතු ගැන අම්මලා දකින සිහින

2015-07-10 10:18:00       584
feature-top
අම්මා කෙනකුට දරුවෙක් විශේෂයෙන් පුතෙක් කියන්නේ තමන්ගේ ජීවිතයෙන් කොටසක් වගේ. හොඳ ගතිගුණ තිබෙන යහපත් ගුණධර්ම රකින දරුවෙක් එයටත් වඩා වටිනවා. ඒ නිසා හැම අම්මා කෙනෙක්ම ඒ වගේ දරුවෙක් ප්‍රාර්ථනා කරන එක පුදුමයක් නොවෙයි

මගේ දරුවා හිතට එකඟව වැඩ කරන කෙනකු මිස හිතට වහල් වී වැඩ කරන කෙනකු වන්න අවශ්‍ය නැහැ.
කාරුණික බව මගේ දරුවා රාජකීය දරුවකු කරනවා.
ඔහු සෑමවිටම ආදරයෙන් පොහොසත් විය යුතුයි.
මගේ දරුවා නිතර මාව සිප වැලඳ ගන්න අවශ්‍ය නැහැ. ආදරය හදවතේ තිබුණාම ඇති.
ඔහු තම බිරිය රැජනක් මවක් ලෙස සිතිය යුතුයි.
ඔහු පියකු ලෙස වගකීම් දැරිය යුතු අතර සතුටින් සිටිය යුතුයි.
වරදක් කළ විට හදවතට කෙතරම් වේදනා දැනුණද වරද තමාගෙ නම් සමාව ගත යුතුය.
මට අවශ්‍ය ඔහු සියලු මිනිසුන් අතර වීරයකු වනු දැකීමට නොවෙයි. මිනිසුන් අතර ආදරණීයයකු වනු දැකීමටයි.
මොනතරම් අධික රාජකාරිමය අවස්ථාවක වුවත් ඔහු සතුටින් සිටිය යුතුයි.
තමාගේ වැඩ තනිව කර ගැනීමට ඔහුට ශක්තිය තිබිය යුතුයි.
සෑම ගැහැනියකටම ඔහු කරුණාවන්ත වීම අනිවාර්යයි.
අනවශ්‍ය ලෙස කාන්තාවන්ට සමීප වීම නුසුදුසු බව ඔහු දැන ගත යුතුය.
ඔහු වේගවත් විය යුතු නැත. විය යුත්තේ නිවැරැදි වීමය.
ඔහු ප්‍රථමව තමාට තම හැකියාවට බුද්ධියට ගරු කළ යුතුය.
ජීවිතය සුන්දර සංගීතයක්. ඔහු එහි රසය විඳිය යුතුය.
ඔහු සාර්ථකත්වය විශ්වාස කළ යුතුය.
ආචාර ධර්ම, හොඳ පුරුදු ඔහු සතුවීම අනිවාර්යයි.
මගේ පුතු ඉතා අමාරු, දුෂ්කර කාර්යයන්හි නිරත වීම ගැටලුවක් නොවේ. ඉන් ඔහු දුෂ්කර, අමාරු අවස්ථාවලට මුහුණුදීමට ඉගෙන ගන්නවා.
කිසිදු මිනිසකු බාහිරින් නොව ඇතුළාන්තයෙන් හඳුනාගත යුතුය.
ඔහු සියල්ලෙහි සත්‍ය මිස මිථ්‍යාවට හසු නොවිය යුතුය.
යම් අවස්ථාවකදී තමා කෙතරම් නිවැරැදි වුවද අන් අය සමඟ වාද නොකිරීමට පුතා දැනගත යුතුය.
කොතරම් අමාරු අවස්ථාවක වුවද ඔහුගේ ධර්මය සත්‍ය පමණක්ම විය යුතුය.

More News »