Home / ජීවීතය සුන්දරද / ප්‍රෙෂර් කුකරයේ ආහාර පිසීමේ ප්‍රයෝජන

ප්‍රෙෂර් කුකරයේ ආහාර පිසීමේ ප්‍රයෝජන

2015-07-18 10:13:00       606
feature-top
මුළුතැන්ගෙයි උපකරණ අද වෙළෙඳපොළේ නිපදවන්නේ ගෘහණියගේ කාර්යයන් පහසු කරවන ආකාරයටයි. මේ අතරින් ප්‍රෙෂර් කුකරයද ඔබේ ඉවුම් පිහුම් පහසු කරවන කාර්යක්ෂමතාව වැඩි උපකරණයක්. මේ දැක්වෙන්නේ ප්‍රෙෂර් කුකරය සම්බන්ධ මිථ්‍යා මත කිහිපයකි.

1. ආහාරවල අඩංගු විටමින් හා ඛනිජ ලවණ විනාශ වීම.
මෙය වැරැදි මතයකි. ප්‍රෙෂර් උඳුනේ එළවළු තම්බන විට එහි අඩංගු පෝෂණය රඳවා ගැනීමේ හැකියාව මෙය සතුයි. මන්ද තම්බාගත් ජලයේ එම පෝෂණය අඩංගු වන නිසා ඒවා වෙනත් සුප් පානයකට හෝ සකස් කර ගැනීමෙන් ඒවා නැවැත පෝෂණීය පානයක් ලෙස ගත හැකි නිසයි.
2. අධික උෂ්ණත්වයේදී ප්‍රෙෂර් උඳුනෙන් අහිතකර ද්‍රව්‍යයක් පිටවීම.
වෙනත් විදුලි උපකරණ මෙන් නොව අධික උෂණත්වයකට වුවත් ඇක්රිලොමයිඩ් නම් වූ අහිතකර සංයෝග නිපදවන්නේ නැත. එය සිදුවන්නේ හොදි වර්ග වැඩි වේලාවක් අධික උෂ්ණත්වය සහිත භාජනවල තිබෙන නිසයි. නමුත් ඉක්මනින් එම කාර්යය ප්‍රෙෂර් උඳුනෙන් සිදුවන නිසා එවැන්නක් සිදු නොවෙයි.
3. ප්‍රෙෂර් උඳුනේ පිසගත් ආහාර ජීවානුහරණ වී ඇති නිසා ශීතකරණ ගත නොකර පසුදින ආහාරයට ගැනීමට හැකි බව.
ප්‍රෙෂර් උඳුනේ ආහාර පිසින විට ඒවා ජීවානුහරණය වීමට නම් යම් කාලයක් ගතවෙයි. එයට මිනිත්තු 30ක්වත් ගතවිය හැකියි. බොහොමයක් බැක්ටීරියා මර්දනය වන්නේ මෙවැනි උෂ්ණත්වයක් යටතේයි. එම නිසා නැවත පසුදිනට ආහාර කල්තබා ගතහොත් විෂබීජ වර්ධනය විය හැකියි.
ප්‍රෙෂර් උඳුනේ පිස ගැනීමේ වාසි
1. ආහාරවල පෝෂණය හා රසය රඳවා ගනියි.
වෙනත් උඳුනක ආහාර වැඩි වේලාවක් පිස ගන්නවාට වඩා ක්ෂණිකව ආහාර පිසෙන නිසා ප්‍රෙෂර් උඳුනෙන් ඔබේ ආහාරවල පෝෂණය සුරැකෙනවා. අඩු වේලාවක් තුළ වතුර අඩුවෙන් යොදා පිස ගැනීම මෙයට හේතුවයි. එවිට එහි නැවුම් පැහැය ආරක්ෂා වන අතරම හොඳ රසයක්ද ලබාගත හැකියි. වතුර වැඩිපුර දමා වැඩි වේලාවක් පිසින විට එහි අඩංගු විටමින් හා ඛනිජ ලවණ විනාශ වී යයි. මේ නිසා ආහාර වඩා රසවත් හා පෝෂණීය ලෙස ආහාරයට ගන්න මෙය කදිම පිළියමකි.
2. ආහාර පිසින කාලය අඩුවීම
සාමාන්‍ය උඳුනේ ආහාර පිසිනවාට වඩා 70%ක වේගයෙන් ප්‍රෙෂර් උඳුනේ එළවළු පිසගත හැකියි. නිවෙසේ අනෙක් කටයුතු අතරතුර ගෘහණියකට ආහාර පිසීමටද වැඩි කාලයක් ගත කිරීමට සිදුවෙයි. මෙමඟින් ඔබේ කාර්යය පහසු කරමින් ආහාරවල රසය හා ගුණයද ආරක්ෂා වෙයි.
3. මුළුතැන් ගෙය සිසිල්ව තබා ගනියි.
ගෑස් උදුනක මෙන් ආහාර පිසින විට ඉන් නැඟෙන වාතය පිටතට පැමිණීම ප්‍රෙෂර් උඳුනක සිදු නොවෙයි. එම වාතය පිටතට ඒම වළක්වා ඒ තුළම රඳවා ගනිමින් ආහාරය පිසීමෙන් පසුව එය විසිල් නාදයක් ලෙස සංඥාවක් ලබාදෙයි. උණුසුම් දේශගුණයක් පවතින විට ආහාරවල උණුසුම පිටතට පැමිණීම වැළැක්වීමෙන් මුළුතැන්ගෙයි උෂ්ණත්වය අඩුවීම නිසා ඔබේ කාර්යයන්වලටද පහසුවකි.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »