Home / ජීවීතය සුන්දරද / එළුකිරි සෙමට හොඳයිද?

එළුකිරි සෙමට හොඳයිද?

2015-07-21 09:41:00       605
feature-top
පෝෂණවේදිනී, විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස

හැමදාම උදෑසන කිරි වීදුරුවක් පානය කිරීම පුරුද්දක් බවට පත්වෙලා. අපි පහසුවට පිටිකිරි පානය කළත් පිරිසුදු එළකිරි හෝ එළු කිරි වීදුරුවක් පානය කරනවා නම් වැඩි පෝෂණයක් ලබා ගන්න පුළුවන්. මේ අතරින් වඩා ගුණදායක කිරි පානය හඳුනා ගන්න තරමක් අපහසුයි.


එළකිරි හා එළුකිරිවල පෝෂණයේ වෙනසක් ඇති බව ප්‍රකට මතයක්. මේ අතරින් එළුකිරිවලට වැඩි අවධානයක් යොමුවන්නේ සෙම් රෝගීන්ටත් එළු කිරි සුදුසු බවට පවතින මතය නිසයි. නමුත් ඒ මතය විද්‍යාත්මකව තහවුරු වූ දෙයක් නොව එම කිරි දෙවර්ගයේම අඩංගු පෝෂණ සංඝටකවලද වැඩි වෙනසක් දක්නට නොමැත. මෙහි ඇති එකම වෙනස වන්නේ එළු කිරිවල මේද අම්ල අඩංගු වීමත් එම මේද අම්ල කොට, මධ්‍යම හා දිග යන ප්‍රමාණවලින් පැවැතීම නිසා ඒවා ඉක්මනින්ම ශරීරයට උරා ගැනීමයි. කිරි ශරීරයට තරමක් බර ආහාරයක් වුණත් එළු කිරි නම් පහසුවෙන්ම ජීරණය වන පානයක්.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »