Home / ජීවීතය සුන්දරද / කාපු ගමන් ඇඳට ගියොත් ගැස්ට්‍රයිටිස්

කාපු ගමන් ඇඳට ගියොත් ගැස්ට්‍රයිටිස්

2015-07-27 09:12:00       601
feature-top
මේ කාලේ කාගෙන් ඇහුවත් ගැස්ට්‍රයිටිස්. ඉගන ගන්න අයට රැකියාවලට යන අයට විතරක් නෙමේ කිසිම වයස් බේදයක් නැතිව කාටත් කරදර දෙන ගැස්ට්‍රයිටිස් දැන් ඉතාම සුලභ තත්වයක් වෙලා.

ගැස්ට්‍රයිටිස් හැදෙන්න ප්‍රධානම හේතුව අපේ වැරදි ආහාර පුරුදු. කෑම වෙල් මග ඇරීම, විශේෂයෙන්ම උදේ කෑම වෙලා මග හරිම හෝ නුසුදුසු ක්ෂණික ආහාරයකින් වෙලා සාරි කර ගැනීම වගේ තව කාරනා බොහොමයක් ගැස්ට්‍රයිටිස් හැදෙන්න හේතුවනවා.

ඔබ නිවාඩු දවසට දවල්ට කෑම කාලා එහෙමත් නැත්නම් රෑට කෑම කාලා කාපු ගමන් ඇඳට යන එක පුරුද්දක් කරගෙන ඉන්න කෙනෙක්ද? එහෙම නම් ඔබටත් ගැස්ට්‍රයිටිස් වැළඳීමේ අවදානමක් තිබෙනවා.

ගැස්ට්‍රයිටිස් හැදෙන්නේ ආමාශයේ තිබෙන ආම්ලික ගතිය අන්නස්රෝතය දිගේ ඉහලට පැමිණීම නිසයි. කෑම කාපු ගමන් ආමාශය පිරිලා තිබියදී දිගා වීම මගින් එසේ ආම්ලික ගතිය ඉහලට පැමිණීම පහසුවෙන්ම සිදු වනවා.

මේ නිසා කවදාවත්ම කෑම ගනිපු ගමන් දිගා වෙන්න නිදා ගන්න හෝ ඇඳට යන්න එපා. ඔබට දැනටමත් ගැස්ට්‍රයිටිස් තිබෙනවා නම් එය වැඩි වෙන්නටත් නැති අසනීප හැදෙන්නටත් මේක හේතුවක් වේවි.

Wmqgd .ekSu taIshka r weiqfrks

More News »