Home / ජීවීතය සුන්දරද / අත් වේලන්න Electric hand dryer පාවිච්චි කරනවාද ?

අත් වේලන්න Electric hand dryer පාවිච්චි කරනවාද ?

2015-08-04 09:33:00       614
feature-top
තෙත අත් වියලා ගන්නට විද්‍යුත් වියලනයක් (Electric hand dryers) පාවිච්චි කිරීම වඩා සෞඛ්‍ය සම්පන්න සහ පහසු බව ඔබ සිතන්නට ඇති.

නමුත් ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිලිබඳ විද්‍යාඥයින් පිරිසක් විසින් පවත්වන ලද පරීක්ෂණයකට අනුව අත් වියලීමට Electric hand dryer එකට වඩා කඩදාසි අත් පිස්නා (Paper towels) භාවිතය සුදුසුයි.

ඔවුන් පවසන අන්දමට Electric hand dryer මගින් ඔබේ අත්ල මත බැක්ටීරියා වර්ධනය 45% කින් ඉහල දමනවා. මෙයට හේතුව වන්නේ ඒ මගින් ඇති කරන මඳ උණුසුම් තත්වයයි.

Electric hand dryer එකට අත අල්ලාගෙන තත්පර කිහිපය පමණක් සිටීම මගින් අත සම්පුර්ණ වියලිමකට ලක් නොවන බවත් කඩදාසි අත් පිස්නාව මගින් එය ඊට වඩා ඉක්මනින් වඩා හොඳින් වියලන බවත් ඔවුන් කියා සිටිනවා.

මේ නිසා බැක්ටිරියාවන්ට සුදුසු වන තෙත සහිත අත්ල වැඩි කාලයක් තබා ගන්නට Electric hand dryer හේතු වනවා.

අත් පිස්නාව මගින් අතෙහි ඇති බැක්ටීරියා විෂබීජ අතුල්ලා ඉවත් කරන නමුත් Electric hand dryer මගින් එවැන්නක් සිදු වන්නේ නම් නැහැ.

මේ නිසා ක්‍රමය පරණ වුනත් Electric hand dryer එකට වඩා කඩදාසි අත් පිස්නා ඔබට ආරක්ෂිතයි.

Wmqgd .ekSu taIshka r weiqfrks

More News »