Home / ජීවීතය සුන්දරද / ඔබේ බෙල්ලත් කළු පාටද ?

ඔබේ බෙල්ලත් කළු පාටද ?

2015-08-07 09:21:00       599
feature-top
හමේ ඇති විවිධ ලප කැළැල් වලින් විවිධ රෝග වල ලක්ෂණ කියා පානවා. මෙලෙස ඔබේ බෙල්ලේ ඇති කළු පාට වළලු වලිනුත් ඔබේ සිරුරේ ඇති යම් යම් අසනීප තත්වයන් ගැන අනාවැකි කියන්නට පුළුවනි.

තද දුඹුරු පැහැයට හුරු වළලු බෙල්ලේ තිබීම ඔබේ ආහාරයේ ඇති සීනි ප්‍රමාණය වැඩි බව කියා පානවා. ඒ කියන්නේ ඔබ දියවැඩියා අවදානමක සිටින බවයි.

මෙය වෛද්‍ය විද්‍යාවේ ඇකැන්තෝසිස් නිග්රිකන්ස් නමින් හඳුන්වනවා. මේවා ඇති වන්නේ ඔබේ සිරුර ඉන්සියුලින් වලට ප්‍රතිරෝධතාවයක් දක්වන්නට පටන් ගත් විටයි.

බෙල්ලේ වගේම මේ ලකුණු අත් යට කිහිලි වලත් ඇති වෙන්නට පුළුවන්. බොහෝ දෙනාගේ ඔබ මෙවැනි කළු පැහැති වළලු දැක ඇති නමුත් මෙය දියවැඩියා අවදානම ගැන කියාසිටින බව ඔබ දැන සිටියේ නැහැ නේද?

කෙසේ නමුත් මෙවැනි ලක්ෂණ ඇති වන විටම ඔබේ ආහාරය ගැන සැලකිලිමත් වෙලා පෙර පරෙස්සමක් ඇති කරගැනීම වඩා හොඳයි.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »