Home / ජීවීතය සුන්දරද / ඉරුවාරදයට චොකලට්, කජු අගුණයි

ඉරුවාරදයට චොකලට්, කජු අගුණයි

2015-08-10 10:13:00       600
feature-top
ඉරුවාරදය එහෙමත් නැත්නම් Migraine කියන්නේ ඉතාම අසහනකාරී රෝග තත්වයක්. මෙහිදී ඇති වන හිස කැක්කුම ඉතාම අධික වේදනාවක් ගෙන එනවා.

ඉරුවාරදය ඇති වීමට හේතුව වන්නේ මොළයේ සමහර කොටස් වල ඇති වන අධි උත්තේජක තත්වයක් සහ ඒ නිසාම වේදනාව දැනීම හා සම්බන්ධ නියුරෝන ගමන් මාර්ගයේ ඇති වන අසාමාන්‍ය ප්‍රතිචාරයනුයි.

කෙසේ නමුත් ඉරුවාරදය නිකම්ම හිසේ කැක්කුමක් පමණක් නොවෙයි. හිස කැක්කුම සමග වමනය, ඔක්කාර ගතිය, ක්ලාන්ත ගතිය, නිලංකාර වීම වැනි විශේෂිත නොවන රෝග ලක්ෂණ ගණනාවක්ම මතු වනවා.

පවුලේ කෙනෙකුට ඉරුවාරදය තිබීම මෙහි අවදානම් සාධකයක් වනවා. නමුත් මෙය පවුල් ඔස්සේ පැතිර යනවාද ජානමය බලපෑමක් තිබෙනවාද යන කරුණු පිලිබඳ තවම නිවැරදි ඔප්පු වීමක් සිදු වී නැහැ.

ඉරුවාරදය වැළඳුනු විට ඔබ කල යුතු වන්නේ කුමක්ද? දරාගත හැකි හිස කැක්කුමක් නම් ඔබට සාමාන්‍ය පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් භාවිතයෙන් ඉරුවාරදය සනීප කරගන්නට පුළුවන්.

වෛද්‍ය වරයකුගේ නිර්දේශයෙන් අසනීප තත්වය උග්‍ර වූ අවස්තාවක ලබා ගත යුතු වේදනා නාශක ළඟ තබා ගැනීම කොහොමත් වැදගත් වනවා. වෛද්‍ය නිර්දේශයක් නැතිව අවශ්‍ය පරිදි වේදනා නාශක ගන්නට යාම නම් එතරම් හොඳ නැහැ.

ඉරුවාරදය වැළඳුනු විටක නිදහස් පරිසරයක විවේකිව නිහඬව සිටීම මගින් ඔබට පහසුවක් දැනෙනවා.

අසනීපය ඇති වීම වලක්වා ගැනීමට ඔබ දැනගත යුතු කාරනා කිහිපයක් තිබෙනවා.

ඉරුවාරදය උත්සන්න වීමට බලපාන විවිධ හේතු කාරණා තිබෙනවා. නිදි වරීම, කෑම වේල් මග හැරිම, දුර ගමන් යාම, යෝගට් කජු සහ චොකලට් වැනි ආහාර ගැනීම ඉරුවාරදය වැඩි වීමට හේතු වන බව ඔප්පු වී තිබෙනවා.

කෝපි බිමත් ඉරුවාරදය උත්සන්න වීමට හේතුවක්.

ඉතින් මෙවැනි දේවල් නොකර සිටීම මගින් ඔබට ඉරුවාරදය ඇති වීම වලක්වා ගන්නට පුළුවන්.

Wmqgd .ekSu taIshka r weiqfrks

More News »