Home / ජීවීතය සුන්දරද / ව්‍යායාමය හා කෙට්‌ටු ශරීරය හෘදය වස්‌තුව අක්‍රිය වීමේ රෝගය මඟහැරවීමට සමත් වේ



ව්‍යායාමය හා කෙට්‌ටු ශරීරය හෘදය වස්‌තුව අක්‍රිය වීමේ රෝගය මඟහැරවීමට සමත් වේ



2017-03-10 11:18:00       543
feature-top
දිනපතා ව්‍යායාමවල නිරත වීමෙන් හා සිහින් ශරීරයක්‌ පවත්වා ගැනීමෙන් වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවපත් කළ නොහැකි දරුණු ඝනයේ හෘදය වස්‌තුවේ අක්‍රීයවීම් ඇති වීමේ අවදානම විශාල වශයෙන් අඩු කර ගත හැකි බව ඇමරිකානු හෘද සංගමය විසින් පළ කර ඇති නවතම පර්යේෂණ වාර්තාවක සඳහන් කර තිබේ.

හෘදය වස්‌තුව අක්‍රීය වන අයෙකුගේ හෘදය වස්‌තුව දුර්වල මට්‌ටමක පැවැතීම හේතුවෙන් ශරීරයට අවශ්‍ය කරන ලේ ප්‍රමාණය හෘදය වස්‌තුවෙන් පිටතට පොම්ප නොකරයි. මෙම තත්ත්වය මත සිහින් වු සිරුරක්‌ පවත්වාගනිමින් දිනපතා ව්‍යායාමයක නිරත වන්නන්ට මෙවැනි හෘදය වස්‌තුවේ අක්‍රීය වීමකට මුහුණ පෑමට ඇති ඉඩකඩ ඉතාමත් සීමිත බව තහවුරු වී ඇතැයි එම පර්යේෂණ වාර්තාවෙහි දැක්‌වේ.

මෙම පර්යේෂණයට ලක්‌ කළ ක්‍රියාශීලී ජීවිතයක්‌ (ව්‍යායාමද සහිත) ගත කරන අය හෘදය වස්‌තුව අක්‍රීයවීමට බලපානු ලබන අවදානම් සාධකයන් වන අඩි රුධිර පීඩනය, දියවැඩියාව, ස්‌ථුලතාවය යන රෝග තත්ත්වයන්ට ගොදුරු වීම අඩු මට්‌ටමක පවතින බව හෙළි වී තිබේ.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »