Home / ජීවීතය සුන්දරද / අකුරු පුවරුව කියවීමෙන් පමණක්‌ ඇස්‌ පෙනීමේ දුර්වලතා හඳුනාගත නොහැක

අකුරු පුවරුව කියවීමෙන් පමණක්‌ ඇස්‌ පෙනීමේ දුර්වලතා හඳුනාගත නොහැක

2017-03-27 09:30:00       256
feature-top
ඇස්‌පෙනීම දුර්වලයි කියා ඉතා සරලව අප තීරණය කරන්නේ වෙනදා මෙන් පියවි ඇසින් පොත් පත් කියවීමට නොහැකි වීමය.

වෙනදා පියවි ඇසින් බැලූ කුඩා අකුරු බොඳවී පෙනෙන විට පොතක්‌a පතක්‌ කියවන විට ඇස්‌ දෙකින් සහ නළල ප්‍රදේශයෙන් වේදනාවක්‌ හට ගැනීම සිදුවන විට ඇස්‌ පෙනීම දුර්වල වී ඇතැයි කියා අපි සිතන්නෙමු. එවැනි අවස්‌ථාවකදී අප බොහෝ දෙනා අනුගමනය කරන්නේ ඇස්‌ පරීක්‍ෂාවකට යොමු වී පෙනීමට ගැලපෙන උපැස්‌ යුවළක්‌ මිලදී ගැනීමය.

මෙහිදී බොහෝ දෙනා පුරුදුව සිටින්නේ කළු සුදු අකුරු පේළි සහිත පුවරුව කියවීම මගින් පමණක්‌ ඇස්‌ පරීක්‍ෂාව සිදු කර ගැනීමටය.

මෙලෙස ඇස්‌ පරීක්‍ෂා කර ගැනීම කොතෙක්‌ දුරට නිවැරදිද?

ඇස්‌ පෙනීම පරීක්‍ෂාව නිවැරදිව සිදු කිරීමේදී එය කොටස්‌ තුනක්‌ යටතේ සිදු කළ යුතුයි.

අකුරු පේළි කියවීම (Form vision) වර්ණ අන්ධතාව පරීක්‍ෂා කිරීම (colour vision) සහ පරතර පෙනීම පරීක්‍ෂාව (Field of vision) යන පරීක්‍ෂාවන් තුනම සිදු කළ යුතුයි.

ඇසේ පෙනීම දුර්වල වීමට හේතු රාශියක්‌ බලපානවා. ඇසේ සුද ඇතිවීම, අවිදුර හෝ විෂම දෘෂ්ටිකත්වය, දියවැඩියාව නිසා ඇසේ රුධිර නාළ හානියට ලක්‌වීම.

ජානමය ගැටලු විවිධ රෝග සඳහා ගනු ලබන ඖෂධවල බලපෑම, ස්‌නායු දුර්වලතා ඇතුළු කරුණු රාශියක්‌ ඇසේ පෙනීම දුර්වල වීමට බලපානවා. මේ හේතු එක්‌ පරීක්‍ෂණයකින් පමණක්‌ හඳුනාගත නොහැකියි.

අකුරු පුවරුව කියවීම

අකුරු පුවරුව කියවීම යටතේ සිදු කරන්නේ පෙනීම කෙතරම් මට්‌ටමක පවතිනවාද කියා හඳුනා ගැනීමයි.

මෙහිදී පෙනීම දුර්වල වීමට බලපාන හේතු ලෙස හඳුනාගත හැක්‌කේ ඇසේ සුද ඇති වීම දුර හෝ අවිදුර දෘෂ්ටිකත්වය, විෂම දෘෂ්ටිකත්වය, දියවැඩියාව නිසා රුධිර නාළ තුවාලවීම හෝ ස්‌නායු දුර්වල වීම, ආදිය පමණයි.

වර්ණ අන්ධතාවය

ඇතැම් පුද්ගලයින්ට වර්ණ හඳුනා ගැනීමේ ගැටලු පවතිනවා. මේ සඳහා බලපාන්නේ ජානමය හේතු තැලසීමියා රෝගය, මැලේරියා රෝගය සඳහා ගනු ලබන ඖෂධ, ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන ඖෂධ, ඇසේ තුවාලයක්‌ ඇතිවීම වැනි හේතු නිසා වර්ණ අන්ධතාව මතු වේ. මෙය කළු සුදු අකුරු පුවරුව කියවීමෙන් හඳුනාගත නොහැකියි.

පරතර පෙනීම දුර්වලතාව

ඇතැම් පුද්ගලයින්ට ඇසට කෙළින්ම ඇති දේ පෙනුනත් ඇසට දෙපස ඇතිදේ පෙනෙන්නේ නැහැ. මෙයට කියන්නේ සිලින්ඩරාකාර පෙනීම (Tunnel vision) යෑයි කියාය. මෙම පෙනීමත් අකුරු පුවරුව කියවීමෙන් පමණක්‌ හඳුනාගත නොහැකියි.

මෙම පරතර පෙනීමේ දුර්වලතාවය ඇතිවීමට ප්‍රධාන වශයෙන්ම බලපාන හේතුවක්‌ වනුයේ ග්ලොකොමා තත්ත්වයකි. එහිදී ඇසේ ස්‌නායු විනාශ වෙනවා. මීට අමතරව මොළයේ රුධිර නාළ අවහිරතාවයක්‌ (Stroke) නිසා ඇතිවන රෝගී තත්ත්වයකදී ද ඇසේ ස්‌නායු දුර්වල වෙනවා.

මෙම පරතර පෙනුම දුර්වල වීම මුල් අවස්‌ථාවේ හඳුනා නොගත හොත් ඇස්‌ පෙනීම දුර්වලවීම පාලනය කරන්න බැහැ. ඊට හේතු වී ඇත්තේ යම් පුද්ගලයකුට තමාගේ ඇස්‌ දෙකෙහි මතුව ඇති පරතර පෙනීමේ දුර්වලතාවය දැනෙන්නේ ඇස්‌ දෙකෙහි ස්‌නායු දුර්වලවීම 90% පමණ සිදු වූ විටයි. එවිට ප්‍රතිකාර කිරීමෙන් පෙනීම යළි නිවැරදි කරගන්න බැහැ. එම තැනැත්තා ඉතා ඉක්‌මනින් අන්ධ භාවයට පත්වීම සිදු වෙනවා.

මෙම කරුණු අනුව අප ඇස්‌ පෙනීම දුර්වලවී යන විට ඊට ඇති එකම විසඳුම ඇස්‌ කණ්‌ණාඩි යුවළක්‌ පැළඳීම පමණක්‌ යෑයි කියා තීරණය කිරීම නිවැරදි නොවන බව වටහාගත යුතුය.

මේ පිළිබඳව ඔබට වැඩිදුර උපදෙස්‌ ලබා ගැනීමට දුරකථන අංක 0112682277 ඇමැතිය හැකිය.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »