Home / ජීවීතය සුන්දරද / මානසික සෞඛ්‍යය ගැන අවබෝධයෙන් සිටීම වැදගත් ඇයි

මානසික සෞඛ්‍යය ගැන අවබෝධයෙන් සිටීම වැදගත් ඇයි

2017-09-19 10:20:00       699
feature-top
හොඳින් පාසල් වැඩ කරගෙන සිටි ළමයෙක්‌ හිටි හැටියේ පාසල් වැඩට මැලිකමක්‌ දැක්‌වීම දරුවාගේ වරදක්‌ නිසා නොව දරුවාගේ මානසික සෞඛ්‍යයේ යම්කිසි වූ තැනෙක ඇතිවුණු කඩාවැටීමක්‌, අසමබරතාවයක්‌ නිසා හටගත් තත්ත්වයක්‌ විය හැකි බවට වූ කාරණාව පිළිබඳ අපි එහිදී සාකච්ඡා කළෙමු.

අද අපි සමාජීය ජීවිතය ගතකරන විට, නැතිනම් විවාහ ජීවිතය ගතකරන විට එහි සමබරතාව රැක ගැනීම සඳහා ප්‍රබල සාධකයක්‌ හැටියට මානසික සෞඛ්‍යය බලපාන අයුරු සාකච්ඡා කරමු.

විවාහය අසාර්ථක වීම පිටුපස තිබෙන්නේ විවාහය තුළ පැනනඟින්නා වූ, අවිශ්වාසය තේරුම් නොගැනීම වැනි ගැටලුය. දික්‌කසාදය පිටුපස තිබෙන්නේ සමාජමය, සංස්‌කෘතිකමය, නෛතික ගැටලු පමණක්‌ නොවන බව පැහැදිලිය.

මෙහිදී සැලකිය යුතු වැදගත්ම කාරණාව නම් දෙදෙනාගේ මානසික සෞඛ්‍යය ඇඟයීමට ලක්‌කිරීමයි.

2013 වර්ෂයේදී කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය කළ සමීක්‍ෂණයකට අනුව හෙළි වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ විවාහක කාන්තාවන්ගෙන් සියයට 60 ක්‌ පමණ ජීවත්වන්නේ අසතුටෙන් බවයි. මේ සඳහා සමාජමය, සංස්‌කෘතික, ආර්ථික හේතූන් ඉදිරිපත් කර තිබූ අතර මේ සඳහා මානසික සෞඛ්‍යයේ තිබෙන බලපෑම පිළිබඳව අවධාරණයෙන් සාකච්ඡා කිරීම මෙවැනි තත්ත්වයන් අවමකර ගැනීම සඳහාත් ප්‍රජාව දැනුවත් කිරීම සඳහාත් ඉතා වැදගත් වේ.

අපි මේ කතා කළේ මානසික සෞඛ්‍යය පිළිබඳ සහ මානසික සෞඛ්‍යය පිරිහීම නිසා ජීවිතයේ ඔබ මෙතෙක්‌ කල් නොදැන සිටි අතුරුඵල සහ අතුරු ආබාධ පිළිබඳවයි.

මෙම නොදැනීම නිසාම, අනාවබෝධය නිසාම ප්‍රශ්න වෙනත් ආකාරයකට එළියට එන බවට දැන් ඔබට වැටහීමක්‌ ඇත. මෙම ගැටලු හරියාකාරව තේරුම් ගත්තේ නම් ඒවාට ඉතා කෙටියෙන් සරලව පිළිතුරු සොයාගත හැකි වනු ඇත. එවිට මානසික සෞඛ්‍ය සහ මානසික රෝග අතර තිබෙන සම්බන්ධය කුමක්‌ද, මානසික සෞඛ්‍යය පිරිහීමේදී මානසික රෝග පෙන්නුම් නොකරන බවට වූ කාරණාව පිළිබඳ හොඳ අවබෝධයක්‌ ලැබෙනු ඇත. එම අවස්‌ථා අපට මානසික රෝග මූල අවස්‌ථාව ලෙසට හඳුන්වාදීමේ හැකියාව ඇත.

අප සති කිහිපයක්‌ පුරාවට කතා කළ යම් යම් බාහිර හේතු නිසා ඇතිවන මනසේ කැළැඹීම අපට නැවත යථා තත්ත්වයට පත්කිරීමට හැකි නම් එය වැඩිදුර වර්ධනය නොවී මානසික රෝග දක්‌වා යැමට පෙර නතර කරගත හැකි වනු ඇත. නැතිනම් පාලනය කරගත හැකි වනු ඇත.

නමුත් ඒ පිළිබඳ අවබෝධයක්‌ නොතිබීම නිසා (රෝගියාට සහ රෝගියාගේ භාරකරුවන්ට) මෙම තත්ත්වයන් ඔඩු දිවීමට පුළුවන. මානසික රෝග දක්‌වා වර්ධනය වීමට පුළුවන. එය මනෝ ව්‍යාධික මානසික රෝග දක්‌වා වර්ධනය වීමට පුළුවන. මෙය හරියට දතක ඇතිවන දත් කැක්‌කුමක්‌ වැනිය. දත් කැක්‌කුම ඇතිවන මුල් අවස්‌ථාවේ එයට පිළියමක්‌ යෙදුවේ නම් දත බේරා ගත හැකිය. එසේ නොවී දත් කැක්‌කුම නොසලකා හැරියේ නම් තත්ත්වය උග්‍ර වී දත ගලවා දමන්නට සිදුවනු ඇත.

මානසික රෝග පිළිබඳ මානසික සෞඛ්‍යය පිළිබඳ මේවා වැළඳීමේ හේතු කාරක පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමට අප උත්සාහ කරන්නේ මෙන්න මේ හේතුව නිසාවෙන් බව දැන් ඔබට වැටහීමක්‌ ඇත.

මෙම තත්ත්වයන් එනම් මානසික සෞඛ්‍යයේ යම්කිසි තැනෙක ඇති වුණු කඩාවැටීමක්‌ නැතිනම් අසමබරතාවයක්‌ වළක්‌වා ගැනීම හෝ මඟහරවා ගැනීම කළ හැක්‌කේ වෛද්‍යවරුන්ටම පමණක්‌ නොව සමාජයේ සිටින සෑම කෙනෙක්‌ටම මෙහි වගකීමක්‌ තිබෙන බව තේරුම් ගත යුතුය.

උදාහරණයක්‌ ලෙසට මෙහෙම සිතන්න ඩෙංගු රෝගය පිළිබඳ, එය වළක්‌වා ගත හැකි ආකාරය පිළිබඳ ඩෙංගු මදුරුවා බෝවන පසුබිම පිළිබඳ ඔබට යම්කිසි වූ අවබෝධයක්‌, දැනුමක්‌ අධ්‍යාපනයක්‌ තිබේ නම් ඩෙංගු මර්දනය සඳහා ඔබට යම්කිසි වූ ආකාරයක සක්‍රිය දායකත්වයක්‌ සමාජයට ලබාදීමට පුළුවන. එමෙන්ම මානසික රෝග පිළිබඳ ඒවා වර්ධනය වීමට බලපාන පාරිසරික පසුබිම පිළිබඳ ප්‍රජාව දැනුවත් කළ යුත්තේත්, දැනුවත් විය යුත්තේත් ඉහත කාරණාව නිසාමය.

එලෙස දැනුවත් වීම තුළ වර්තමානයේ බහුල මානසික රෝග දහයෙන් පහක්‌ම වැළඳීමට හේතුව, මෙම රෝග පිළිබඳ සමාජයට තිබෙන අඩු දැනුම සහ අනාවබෝධයට දැනුමක්‌ ලැබෙනු ඇත. එසේ නොවීම නිසාවෙන් ශ්‍රී ලාංකික ජනගහනයෙන් සියයට 15 ක්‌ මානසික රෝගීන් බවට පත්වී ඇති බවක්‌ පෙනෙන්නට ඇත.

Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks

More News »