Home / ජීවීතය සුන්දරද / සෑම මරණ පහකින් එකකට හේතුව වැරදි ආහාර පුරුදු

සෑම මරණ පහකින් එකකට හේතුව වැරදි ආහාර පුරුදු

2017-12-15 10:46:00       336
feature-top
ලොව පුරා සිදු වන සෑම මරණ පහකින්ම එක්‌ මරණයක්‌ වැරදි ආහාර පුරුදු හේතුවෙන් සිදුවන බව ඇමරිකා එක්‌සත් ජනපදයේ වොෂිංටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය හා තක්‌සේරුකරණය පිළිබඳ ආයතනය විසින් සිදු කරන ලද නවතම පුළුල් වූ අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබේ.

එම අධ්‍යයනයට අනුව ලොව පුරා මිලියන ගණනක ජනතාව යහපත් සෞඛ්‍යයක්‌ සඳහා යෑයි පවසමින් වැරදි ආකාරයේ ආහාර වර්ග අනුභව කිරීමට පෙළඹී සිටිති.

ලොව පුරා සෑම රටක්‌ම ආවරණය වන පරිදි සිදුකර ඇති මෙම අධ්‍යයනයේදී හෙළිදරව් වී ඇත්තේ පරිපූර්ණ ධාන්‍ය, පලතුරු, ඇට වර්ග, මාළු තෙල් අඩු, ලුණු අධික ආහාර වර්ග අනුභව කිරීමට වැඩි දෙනකු පෙළඹී ඇති නිසා ඔවුන් අඩු වයසින් මියයැමේ දැඩි අවදානමක පසුවන බවයි.

මෙම අධ්‍යයනය පිළිබඳ වාර්තාවක්‌ ලැන්සෙට්‌ වෛද්‍ය සඟරාවෙහි පළකර ඇති අතර එම අධ්‍යයනය මෙතෙක්‌ ලොව සිදුකර ගෙන යන දැවැන්තම ජාත්‍යන්තර රෝග පිළිඳවද අධ්‍යයනය සේ සැලකේ.

මෙම අධ්‍යයන වාර්තාවට අනුව ලොව පුරා මිනිසුන් අඩු වයස්‌වලදී මියයැමට හේතු කාරකවී ඇති දෙවැනි අධි අවදානම් සාධකය ආහාරය, දුම්පානය, අධික කොලෙස්‌ටරොල්, අධි රුධිර පීඩනය, රුධිරගත සීනි මට්‌ටම ඉහළ යැම, තාරබාරු බව කරා ළඟාවන අධික ශරීර ස්‌කන්ධ දර්ශකයක්‌ පැවැතීම අඩු වයස්‌ මරණවලට හේතු වන ප්‍රධානතම සාධකයන් ලෙස හඳුනාගෙන තිබේ.

දුර්වල ආහාර රටාව හේතුවෙන් වසර 2016 වනවිට ලෝක ජනගහනයෙන් සියයට 11 ක්‌ මන්ද පෝෂණයෙන් පෙළෙමින් සිටි බව අනාවරණය වී ඇති අතර ලොව පුරා සිදුවන මරණවලින් සියයට 72 ක්‌ම තරබාරු බව හා දුර්වල ආහාර රටාව නිසා හටගන්නා බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බව මෙහිදී හෙළි වී තිබේ.

ලොව පුරා අඩු වයසින් මියයැමට හේතු වී ඇති ප්‍රධානතම රෝගය හෘද රෝග බව අනාවරණය වී ඇති අතර ශ්‍රී ලංකාවේද හෘද රෝගවලට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව වාර්ෂිකව වැඩිවෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි.

වසර 2016 දී ලොව පුරා කාන්තාවකගේ උපරිම ආයු කාලය වයස අවුරුදු 75.3 ක්‌වූ අතර පිරිමියෙකුගේ උපරිම ආයු කාලය අවුරුදු 69.8 ක්‌ විය. ලොව ඉහළම ආයු කාලය වන අවුරුදු 84 ක්‌ ජපානයෙන් වාර්තා වී තිබේ



(under the courtesy of hitnews.lk web)

More News »