Home / ජීවීතය සුන්දරද / ඔබේ නිවසත් කසල ගොඩක් වෙලාද? අළුත් විසදුමක් සොයමුද?
ඔබේ නිවසත් කසල ගොඩක් වෙලාද? අළුත් විසදුමක් සොයමුද?
2018-04-05 10:23:00  ★ 702

අප නිවසේ එදිනෙදා මෙන්ම දිගුකාලීනව එකතු වෙන කසළ කියන්නේ අපට මහත් ගැටළුවක්.පසුගිය දිනවල පැවති කසළ පිලිබඳ කතිකාවන් සියල්ලම කසළ ගොඩට එකතු වී අවසන්.එහෙත් සමාජයක් විදියට අපට අපගේ කාර්ය භාරයන්ගෙන් පළා යා හැකිද ?මවක ගෘහණියක ලෙස අප අපගේ කසල කළමනාකරණය කිරීම අවම මට්ටමින් හෝ සිදුකිරීම අතිශයින්ම ඵලදායි වෙනවා. ඉතින් අප ආරාධනා කාරන්නේ ඔබේ කොටස ඔබ ඉටුකිරීමට සුදානම් වන්න කියායි.
මවක ගෘහණියක ලෙස ඔබ දෙන ආදර්ශය දරුවන් ඉක්මනින්ම දායාද කොට ගනීවි.
වෙළඳ පොලට යනවිට මල්ලක් රැගෙන යන්න
සමහර විට ඔබේ නිවසත් සිලි සිලි මලු වලින් පිරී ඉතිරුණ එකක් විය හැකියි. මේ මගින් වන හානිය නැවත නැවත මතක් කර දිය යුතුවත් එය ඔබ නොදන්නේවත් නොවෙයි.ප්‍රධානම දෙය මේ මලු තොගය අවම කරගැනීම වෙනුවෙන් කරදර වීමට ඇති අපේ කම්මැලිකම.එයයි මහා පාරසරික විනාසයක් බවට පෙරලෙන්නේ
ඉතින් වෙළඳ පොලට යනවිට මල්ලක් රැගෙන යාමෙන් දිනපතා ඔබේ කසළ ගොඩට එකතුවන පොලිතින් මලු ප්‍රමාණයෙන් සෑහෙන්න කොටසක් අඩුවෙනු නිසැකයි .
පොලිතින් බෑග් නැවත භාවිතා කරන්න.
නිවසට ගෙනෙන පොලිතින් මලු සෝදා වේලා මනාව අසුරා තැබීමෙන් ඔබට අවැසි වෙලාවට භාවිතා කිරීමට හැකියාව තියෙනවා .
පාන් බනිස් දමන්න වෙනම බෑගයක් තබා ගන්න
බොහෝ විට අප කඩෙන් හෝ ජංගම රථ වලින් පාන් බනිස් වැනි දෑ මිලදී ගැනීමට යාමේදී බෑගයක් රැගෙන යන්නේ නැහැ. වෙනම බෑගයක් ඒ සඳහා තබා ගැනීමෙන් පොලිතින් බෑග රැසක් භාවිතය අවම වනවා.
මාළු මිලදී ගැනීමට බඳුනක් ගෙන යන්න
නිවාස අසලටම පැමිණෙන මාළු වෙළෙන්දන් තවමත් සුලබ දසුනක්.එවැනි අවස්තාවක භාජනයක් රැගෙන යාමෙන් පොලිතින් භාවිතා නොකර සිටිය හැකියි .ඒ විතරක් නෙවෙයි වෙළඳ පලෙන් මස් මාළු මිලදී ගන්නට යාමේදී හොඳින් පියන වැසෙන බඳුන් දෙකක් රැගෙන යාමද ඔබට කල හැකි දෙයක්.
අත් බෑගයේ මල්ලක් දමාගෙන යන්න
රැකියාවට යාමේදී හෝ නිවසින් පිටවන විට මල්ලක් රැගෙන යාමෙන් හදිසි අවශ්‍යතාවකදී භාවිතයට ගැනීමේ හැකියාව තිබෙනවා.පසුම්බියක් ලෙස හකුලා තබා ගත හැකි විසිතුරු බෑගයක් හෝ ඔබ විසින්ම නිම කරගත් බෑගයක් මේ සඳහා යොදා ගත හැකියි.
ලන්ච් ෂීට්ස් වලින් දුරු වෙන්න
කෑම රැගෙන යාමට සෞඛ්යාරක්ෂිත කෑම බහාලුමක් භාවිතා කරන්නට හුරුවෙන්න .එලෙස කෑම බහාලුම් කිහිපයක් වරින් වර භාවිතා කිරීම සඳහා නිවසේ තබාගන්න.
කසළ වෙන වෙනම බැහැර කරන්න
මෙලෙස වෙන වෙනම කසළ බැහැර කිරීම මගින් ඔබට අමතර ආදායමක්ද උපයා ගත හැකියි.කඩදාසි ප්ලාස්ටික් වැනි දෑ අලෙවි කිරීම මඟින් මෙන්ම කුස්සියෙන් ඉවත් කරන ආහාරමය දිරා යන ද්‍රව්‍ය වලින් කොම්පෝස්ට් සාදා ගත හැකියි . (under the courtesy of sithmalyaya.com web)

ජීවීතය සුන්දරද
මලින් පිරුණු සුන්දර ගෙවත්තක් – ගත සිත සුවපත් කරන ‘ජපන් අරලිය’ වවමුද?
2019-01-26 10:31:00
ජීවීතය සුන්දරද
වැඩිපුර නිදා ගන්නේ බලාගෙනයි – ඔබ සැමට ඉතාම වැදගත් අනිවාර්යෙන් බලන්න
2019-01-23 10:51:00හෙට-අනිද්දා සිට වැස්ස වැඩිවන ලකුණු
2019-02-15 05:13:00තුනක් එකට වැදෙයි-CCTV දර්ශන සහිතයි
2019-02-15 05:07:00විජේවීර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම ප්‍රතික්ෂේප කරයි
2019-02-15 04:31:00සියඹලාපිටිය ශ්‍රීලනිප මහ ලේකම් ධුරයට..?දයාසිරිට අසනීපයි..
2019-02-15 04:19:00ඊසි කෑෂ් ක්‍රමයෙන් කළ මත්කුඩු ජාවාරමක් හෙළි කර ගැනේ
2019-02-15 03:41:00ගෝඨා හොඳ නිලධාරියෙක්-හොඳ දේශපාලඥයෙක්ද කියලා රට දන්නෑ
2019-02-15 02:18:00ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමය විරුද්ධ වෙයි
2019-02-15 01:38:00ජපන් රජයේ විශේෂ නියෝජිතයෙක් ශ්‍රී ලංකාවට
2019-02-15 01:37:00සෞඛ්‍ය හා අධ්‍යාපන වෙනුවෙන් වැඩිම වියදමක් කළේ මේ ආණ්ඩුව
2019-02-15 01:36:00කැබිනට් ඇමතිලා තවත් 18ක් වැඩි කරන්න සූදානම්..
2019-02-15 01:33:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com