Home / ජීවීතය සුන්දරද / ගොඩක් කාන්තාවන් ගෘහස්ත හින්සනයට ලක් වෙන්නේ දුර්වල පෞර්ෂය නිසයි

ගොඩක් කාන්තාවන් ගෘහස්ත හින්සනයට ලක් වෙන්නේ දුර්වල පෞර්ෂය නිසයි

2018-07-28 12:44:00       383
feature-top
අපි අහල දැකල තිබෙනවාට වඩා ගොඩක් කාන්තාවෝ අපේ රටේ ගෙවල් වල මානසික නින්දා වලට, කායික හිංසා වලට ලක් වෙනවා.

ආර්ථිකව අසරණ වෙන්න එපා

මේ ගැහැණුන්ට හිරිහැර කරන, තමන්ගේ භාර්යාවට නිසි ගෞරවය සැලකීම නොකරන බොහෝ පිරිමින්ගේ කොතරම් උගත් වුනත් පොදු ලක්ෂණ තිබෙනවා. ඔවුන් මුලින්ම කාන්තාව ආර්ථිකව ශක්තිමත් වෙන මාර්ග බොහොම සූක්ෂමව වහල දානවා. ආදරේ බව පෙන්වලා , ඇලී ගැලී ඉන්න මුල් කාලයේ ඔවුන් කාන්තාවගේ දෙමාපියන් සහෝදරයන් පවා හොඳ මූණ පෙන්වලා ග්‍රහණයට ගන්නවා. ඉන් පස්සේ ” මම ඔයාට සේරම සැප සම්පත් දෙද්දී ඔයා මොකටද රස්සා වලට ගිහින් දුක් විඳින්නේ ? ” වගේ කතා කියල කාන්තාව ඔහුගෙන් උදේට රුපියල් සීයක් ඉල්ලගෙන ත්‍රීවිල් එකක යන්න ඕනේ තරම් මට්ටමට පත් කර ගන්නවා.

උපාධිධාරී ගැහැණු ගොඩක් ඉන්නවා මේ විදිහට ” අනේ අපි නම් ඔයාල වගේ සල්ලි ලොකු කරගෙන නැහැ. අපිට අපේ මහත්තයා ලොකුයි කියල ” රැකියා කරන ගැහැණුන්ට දොස් පවා කියන . නමුත් ඔය මාර්ගය එච්චර දුර යන්නේ නැහැ.

පසුව තමයි සැබෑ ස්වරූපය මතු වෙන්නේ
ඉන් පස්සේ මේ පිරිමි ටිකෙන් ටික පටන් ගන්නවා. බිරිඳට නින්දා කරන්න, බනින්න, නොසලකා ඉන්න, අතින් පයින් පහර දෙන්න. හැබැයි මේ දේවල් කරාට හොඳට අවශ්‍ය දේවල් උපයල සපයනවා. මෙවැනි නිවට හැසිරීම් ඇති පිරිමි බොහෝ විට යක්ෂ අම්මලා අතේ හැදුන පිරිමි. පුතා ගැහැනියක් ගෙනාව ගමන් ඒ අම්මගේ ඉහ මොලේ රත් වෙනවා. මගේ පුතා අයිති කර ගන්න ආව හැතිරි ලෙස ලේලි දිහා බලනවා.

ඉන් පස්සේ හැමදාම කේලම්, බොරු , ප්‍රශ්න. හැම දේටම මේ හීන පෞර්ෂ සහිත පුතාල ගන්නේ අම්මගේ අවවාද විතරයි. දරුවෝ පවා දකින්නේ තමන්ගේ අම්මට හැමෝම පාච්චල් කරන එකයි. මෙහෙම පවුල් ගැන මගේ ඔලුවේ කෙස් ගානට වඩා මම කතා කරලා ඇති.

විසඳුමක් නොසොයා දුකේ ඇලී ගැලී ඉන්නවා

ඒ කතා වුනත් ප්‍රයෝජනයක් නැහැ. රැකියාවක් කරලා Independent වෙන්න කීවම මේ කාන්තාවෝ බොරු දාහක් කියනවා. ඒ දුකේම වැටිලා ඉන්නවා හැර කසිම විසඳුමක් කරන්න ඔවුනට ශක්තිමත් පෞර්ෂයක් නැහැ. සැමියාව මනෝ වෛද්‍ය වරයෙක් වෙත ගෙනියන්න කීවොත් ඒක කරන්න බැහැ කියනවා. රැකියාවක් කරන්න කීවොත් දරුවෝ දාල යන්න බැහැ කියනවා. මොකද කොයිම ආකාරයකට වත් මොලේ වෙහෙසල විසඳුමක් හොයන් හිතන්නේ නැහැ. ඒ වගේම කම්මැලියි. වැඩක් කරන්න ජීවිතේට ස්වාධීනව මුහුණ දෙන්න බයයි.

ශක්තිමත් පෞර්ෂයක් ඇති ගැහැණියට සැමියා ගරු කරනවා
දුබල පෞර්ෂයක් ඇති අසරණ අයට කරදර කරන්න බොහෝ දෙනෙක් පෙළඹෙනවා. මොකද එහෙම කරන එක හරි ආරක්ෂිතයි. ඔබ ආර්ථිකව ස්වාධීන නම්, හැම වෙලේම හැමෝගෙම ප්‍රසාදයට පත් වෙන අන්දමේ පෞර්ෂයක් ඇත්නම් ඕනෙම සැමියෙක් ඒ බිරිඳට ගරු කරන්න පෙළඹෙනවා. ජීවිතේ හැබෑ අඹු සැමි සම්බන්ධතා පවතින්න ඕනේ එකිනෙකාගෙන් ස්වාධීනව ජීවත් වෙමින් කියන දේ මම විශ්වාස කරනවා.

අතව කෙනෙක්ගෙන් ගෞරවයක් ලබන්න නම් පළමුව ගෞරවනීය ලෙස ජීවත් වෙන්න ඕනේ. තනියම උපයල. ලස්සනට ඇඳලා . ලස්සනට නිරෝගීව ආකර්ශ්නීයව ජීවත් වෙන්න ඕනේ. කවුරු වුනත් ඔබට නින්දා කරන, පහර ගසන්න අත උස්සන පලවෙනි මොහොතේම ඒ මනුස්සයා දමල ගහල යන්න තරම් හිත හයි කර ගන්න ඕනේ. නැත්නම් අපේ වගේ රටවල ඉන්න හීන මානෙන් පිරුන පිරිමි එක්ක ඉහ ගහල ජීවත් වෙනවා කියන්නේ විහිළුවක්.


(under the courtesy of goodhousekeeping.lk web)

More News »