Home / ජීවීතය සුන්දරද / සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතක්‌ සඳහා වැදගත් 'නින්ද' ගැන ඔබ නොදත් දේ මෙන්න...

සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතක්‌ සඳහා වැදගත් 'නින්ද' ගැන ඔබ නොදත් දේ මෙන්න...

2018-11-12 11:45:00       185
feature-top
අපි කවුරුත් කැමතියි හොඳට නිදාගන්න. නමුත් මතක තියාගන්න අඩුවෙන් නිදා ගැනීමත්, වැඩියෙන් නිදා ගැනීමත් හොඳ දෙයක්‌ නම් නෙවෙයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්‌ ගත කිරීමට නම් ඔබත් දිනකට පැය 6 - 8 ක්‌ අතර කාලයක්‌ නිදා ගැනීමට පුරුදු වන්න. සාමාන්‍යයෙන් අප කවුරුත් දහවල් කාලයේදී තරමක්‌ කාර්යබහුලව වැඩ කරනවා. ඒ නිසා අපට විවේකයක්‌ ගත හැකි වන්නේ ද සුව නින්දේදී පමණක්‌ වෙන්න පුළුවන්.
මානසික ආතතිය, අනිසි බිය, තවකෙකු නොරුස්‌සන ගතිය වගේම විශාදය ආදී මනෝභාවයන්ගෙන් මිදෙන්න සුව නින්දක්‌ ඕනෑම කෙනකුට අවශ්‍ය වෙනවා.

නිවසේ සිටින අය දහවල් කාලයේදී පැය 2 - 3 අතර කාලයක්‌ නිදා ගැනීමට පුරුදු වී සිටිනවා. අනතුරුව රාත්‍රී කාලයේදී නිදාගත යුතු කාලය අඩු කරනවා. දහවල් කාලයේ දී නිදා ගැනීම එතරම් සෞඛ්‍ය සම්පන්න භාවයට සුදුසු නොවේ. තරබාරු ගතිය වැඩි කිරීමට දහවල් කාලයේ නිදා ගැනීම විශේෂයෙන්ම බලපානවා. පැය 6 - 8 ක්‌ අතර කාලයක්‌ රාත්‍රියේ දී සුවසේ නින්දක්‌ ලබන්නේ නම් පසුවදා උදැසනින් අවදි වී ක්‍රියාශීලිව දෛනික කාර්යයන්හි නිරත වෙන්න ඔබට හැකියාව ලැබෙනවා.

විශේෂයෙන්ම තරුණ බව රැකීමට සුව නින්දක්‌ අවශ්‍ය වෙනවා. මතක ශක්‌තිය වැඩි කිරීම, හෘද රෝග, දියවැඩියාව, අංශභාගය, අධික රුධිර පීඩනය වැනි රෝගා බාධායන් වැඩිහිටි ඔබට ඇති නොවීමට නම් හොඳ නින්දක්‌ අවශ්‍යම වෙනවා. අපේ ශරීරයට අවශ්‍යම වන ප්‍රතිශක්‌තිය වැඩි කිරීමට ද සුව නින්දක්‌ වුවමනා වෙනවා. මෙම කරුණු ඔබ හොඳට මතකයේ රඳවා ගන්න. මින් පසු මොනතරම් කාර්ය බහුල වුවත් ඔබ නිදා ගත යුතු පැය ප්‍රමාණය අනිවාර්යයෙන්ම නිදා ගන්න. එවිට ඔබටත් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවතක්‌ ගත කිරීමට පුළුවන්.

(under the courtesy of hirutv.lk blog web)

More News »