Home / ජීවීතය සුන්දරද / කෙල්ලෙක් වයිෆ් කෙනෙක් වුනාම මෙහෙම දේවල් වෙනවාමයි

කෙල්ලෙක් වයිෆ් කෙනෙක් වුනාම මෙහෙම දේවල් වෙනවාමයි

2018-12-08 09:21:00       379
feature-top
මේ කියන්න යන්නෙ වයිෆ්ලා කියන අමුතු ජීවීන් කොට්ටාසය ගැන කතාවක්. වැරැද්දක්මත් නෙමෙයි. ඒත් මේ අමුතු ස්වභාවයන් ගැන දැනගෙනම කසාදෙකට එන්ටර් වෙන එකේ හොඳක් තියෙනව. එහෙම නැත්තං නිකං පිස්සු වගේ දැනෙයි. ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුනත් දැනටම මේ වගේ නම් ඒ කියන්නෙ එයා හිතිං ඔයාගෙ වයිෆ් වෙලා ඉවරයි කියන එක. බය වෙන්නෙපා ඉතිං. ඔය තත්ත්වෙට කවදහරි මූණ දෙන්නම වෙනවනෙ.

නිදිද ඒයි?

ළඟට ඇවිල්ල බලනව. ඊටපස්සෙ ලාවට කතා කරනව. ලාවට තට්ටුවකුත් දානව. ඊටපස්සෙ තමයි එයාලා ක්‍රියාත්මක වෙන්නෙ. හෙණ ගහන්න වගේ හොල්ලලා ඇහැරෝලා නිදිද කියල අහනව. ඕක අපේ කටිම්ම අහගන්නකං එයාල සැටිස්ෆයිඩ් නෑ. අන්තිමට මෙහෙමත් කියනව. දැන් ඉතිං ඔය ඇහැරිච්ච එකේ ආයෙ නිදාගන්න යන්නැතුව මට මොනවහරි උදවුවක් කරනවකො. හරියට නිකං අපි බලෙන් ඇහැරුනා වගේ.

තරහට නොකා ඉන්නවා

වලි ගියාම සිද්ධ කරන අනිත් දේ තමයි ඔය. උයන්නෙ නෑ කියමුකො. හස්බන්ඩලා කියන ජාතිය ඉතිං ඔය කියන දේවල් නෑහුවට, පිළිවෙලක් නැති වුනාට, මෙලෝ ගාණක් නැතුව හිටියට කෙයාරින් පැත්තෙන් අගතැම්පත් පිරිසක්නෙ. ඉතිං වයිෆ් ඉවුවෙ නැත්තං ඒ අය කඩෙන් කෑම ගේනව වගේම වයිෆ්ටත් කෑම එකක් ගෙනල්ල තියනව. ඉතිං එහෙම ගේන කෑම එක තරහට නොකා ඉන්නව. වයිෆ්ලා දැඩිව හිතනව ඔය කෑම එක කන එක යටත් වීමක් කියල. ඉතිං ඔය කේස් නිසා හස්බන්ඩ්ලා ඒ කෑම එකත්  කාලා දැම්මට පස්සෙ තවත් වලි.

මට මේ ජීවිතේම එපා වෙලා

මෙන්න මේකත් අහන්න සිද්ධ වෙන දෙයක්. හෙන හයියෙන් සද්දෙට කියනව මටනං දැන් මේ ජීවිතේ තිත්ත වෙලා එපාම වෙලා කියල. ඉතිං එහෙම කිවුවම හැම පිරිමියම වගේ ඇයි ඒ කියල අහන්න ඕන. නැත්තං බයිනව මට මේ ජීවිතේ තිත්ත වෙලා ඔයාට ගාණක්වත් නෑ කියල. ඔන්න ඉතිං අපි ඇයි කියල ඇහුවම එයා කියන්න ගන්නව හේතු. ඕව බොහොමයක් අපේ වැරදි විදියට තමයි පෙන්වන්න හදන්නෙ. ඒත් ඒ කිසිම දේකට නෙමෙයි එයාට ජීවිතේ එපා වෙන්නෙ. ඒ තනිකරම නල්ලමලේ හේතුවලට. එහා ගෙදර පූසා නිතරම කෑගහනව, ගෙවල් තුනකට එහා පැත්තෙ වත්තක කඩන්න බැරි තරම් මුදුනෙ අත්තක අඹ තියෙනව  වගේ ආතල් හේතුවකට තමයි ඔය එපා වීම සිද්ධ වෙලා තියෙන්නෙ. පුදුමයි තමයි. ඒත් ඉවසං ඉන්න වෙනවා. හස්බන්ඩ් කියන්නෙ ඉවසන කෙනෙකුටනෙ.

වලි දාගන්නවා

වලි ගිය දවසට තේකෙ සීනි ප්‍රමාණ සහ කෑමෙ ලුණු ප්‍රමාණ වෙනස් කරනව කියන එක බලාපොරොත්තු විය හැකි දෙයක්. ඒක හිතල කරේ නැති විදියට තමයි ඇක්ට් එක දෙන්නෙ. සමහරවිට හිතලා නොකරනවා වෙන්නත් පුළුවන්. ඒත් ඕකෙන් ගොඩනැගෙනවනෙ දෙබසක්. ඇයි අද තේකට මෙච්චර සීනි වැඩි? වගේ ප්‍රශ්නයක් ඇහුවම “මට කේන්ති නිසයි වැඩි කළේ, නෑ වැරදිලා වැඩි වුනේ…” වගේ උත්තරයක් තවදාවත් ලැබෙන්නෙ නැහැ. බොහෝවිට ලැබෙන්නෙ එක උත්තරයි. “කියවන්න ගියාමනං මහ ලොකුවට කට. හදාගන්නවකො කැමති ගාණට සීනි දාලා තේකක්වත්.”

ඇඟ වැඩියි

ඔය ඇඟ වැඩියි කියල දුක් වෙන එක තමයි වයිෆ් කෙනෙක්ගෙන් වැඩිපුරම අහන්න වෙන අ‍‍ඳෝනාව. මේ හරිම හොඳින් ඉඳිද්දි ෂර්ට් එක උස්සල බලලා තරහ වෙලා යනව. කනකං හොඳට කාලා කියනව ආයෙ නං මේ විදියට කන්න ගේන්නෙපා. මට අවුල් කියල. අපි බලෙන් කටේ කෑම එබුවෙ නෑ තමයි හැබැයි ඒ දේවල් අපිට අහං ඉන්න සිද්ධ වෙනවා. ඊලඟ සීන් එක තමයි ඇඳුම් මාරු කිරිල්ල. ආපෝ ඒකට බඩ පේනව, මේක ඇන්දම ටයර් පේනවා, මේක ඇන්දම මහත නැතත් මහත වැඩියෙන් පේනව වගේ හේතු කිය කිය හැමදාම අඳින ඇඳුම ඇඳගෙන ගමන් යනව. ගිහිල්ල මට ගමනක් අඳින්නවත් ඇඳුමක් නෑ කියල අඬනව.

 
අපි ආතල් දාන්න යනකොටම
 
වයිෆ් කෙනෙක් වලියක් දාගන්න විශේෂ අවස්ථා අතරෙ තියෙන ප්‍රධානම දෙයක් තමයි පුරුෂයාගෙ ආතල් එකට සිදුකරන විණ කෙටීම. දැන් ඔය හස්බන්ඩා යාළුවො එක්ක බොන්න යනව වගේ දෙයක් සෙට් වෙනකං වයිෆ් කිසිම හාහූවක් නැතුව ඉන්නවනං පලපුරුදු හස්බන්ඩ් කෙනෙක් විදියට තේරුම් ගත යුතු දේ තමයි ගමන යන්න පැය බාගෙකට කලින් මොනව හරි ගිණි ගෙඩියක් පත්තු වෙන බව. ඒකාන්තයි!

 
බබාවීම‍

වයිෆ් කෙනෙක්ගෙ අනිත් කේස් එක තමයි බබා වීම. ඔන්න ඉතිං එයා කැමති හෑන්ඩ් බෑග් එක මග දිගට පෙන්නනවා. ඉතිං පඩි ගත්තු දවසක කඩයක් දැකලා මතක් වුනාම හස්බන්ඩා ඕක අරන් දුන්නා කියමුකො. ඔන්න බබා වෙන්න යනව.”ඔයා කොහොමද දන්නෙ මං මේකට කැමැත්තෙන් හිටියා කියලා? ඇයි මෙච්චර ගාණක් වියදං කළේ? මේ පාටහොඳයි ඕන ඇඳුමකට මැච් වෙනවා.“වගේ දේවල් අහන්න වෙනවාමයි.

 
කෝකද?

ඔන්න ඕකත් වයිෆ්ලගෙ තියෙන සීන් එකක්. වෙලාවකට එයාලා කැමති දේම කරාට මොකද වෙලාවකට අපි කැමති දේම අහල හෙන වදේ. මේ රතු ටොප් එක මම අද ඇන්දට කමක් නැද්ද? අද දවල්ට අපි ෆ්‍රයිඩ් රයිස් හදමුද? චිකන් කරි හදන්නේ නැතුව ඩෙවල් එකක් දාලා හැදුවට කමක් නැද්ද? කියන්නකො අනේ. මේ අද අප්සරාලගෙ ගෙදර යනකොට මොනවද අරං යන්නෙ? පළතුරුද? ගෙදරට ඕන අනිත් බඩුද?

 
ෆියුචර් ප්ලෑනිං

මේකත් වයිෆ්ලගේ තියෙන පුරුද්දක්. මේ දුවෙක් ඉපදුනොත් මොකද්ද දාන නම? ඔයාට හිතෙන්නෙ නැද්ද අපි වයසට ගියාම කරන්න පොඩි බිස්නස් එකක් පටන් අරන් තියෙන එක හොඳයි කියලා? ඔන්න ඔය වගේ ෆියුචර් ප්ලෑනින් ලොකුවටම තියෙන ජාතියක් තමයි වයිෆ්ලා. ඒ අය ඔහොම දේවල් ගැන හිතන එකත් අපේ අනාගතේට හොඳයි. හැබැයි කිසිම හස්බන්ඩ් කෙනෙක් ඔය දේවල් අහන වෙලාවට ඕවයෙ තියෙන අගේ තේරුං ගන්නෙ නං නෑ.

(under the courtesy of hirutv.lk blog web)

More News »