Home / ජීවීතය සුන්දරද / නිරුවතින් නින්දට යෑමෙන් ශරීරයට ලැබෙන නොසිතූ වාසි මෙන්න..

නිරුවතින් නින්දට යෑමෙන් ශරීරයට ලැබෙන නොසිතූ වාසි මෙන්න..

2018-12-10 10:24:00       587
feature-top
එය ඉතා පහසුදායකයි..

ඇදුම් එක්කම නිදාගන්න එක සමහරක් කාල වලට අපහසු කරුනකි. නිදාගැනීමටම විශේෂ වූ පිජාමා වැනි ඇදුම් ගැනීමටද මුදල් වියදම් වේ. නමුත් නිරුවත්ව නින්දට යන එක සෑම අතින්ම වාසිදායක වේ.

ඒකාකාරී ජීවිතයට වෙනසක් ලැබේ...

ඔබ මුලු දවසෙම රැකියාව හෝ වෙනත් වෘර්තියක නියැලෙන කෙනෙක් නම්, නිවසට පැමින නින්දට යන්නෙත් ඇදුම් සහිතව නම්, එම ජීවිත දෙකේ වෙනසක් නොමැත. අඩුම තරමේ රාත්‍රියේවත් නිරුවත්ව නිදා ගැනීමෙන් එකාකාරී බවින් මිදිය හැකිය.

එමගින් ඔබව සතුටින් හා නිදහසේ තබයි...

හිතලා බලන්න ඔබ කිසිම දෙයක් අදින්නේ නැතිව ඇදේ වැතිරිලා ඉන්න එක ගැන. එමගින් ජීවිතයේ දැනෙන හොදම නිදහස් හැගීමක් දැනෙයි. එය මනසික ආතතිය අඩු කිරීමටද හේතු වේ.

ශරීර ස්පර්ෂය හොදින් විදගත හැකිය...

ඔබ විවාහ වී සිටින යුවලක් නම්, ඔබ නින්දට යන්නේ ඇදුම් සහිතව නම්, එවිට වැඩි ශරීර ස්පර්ෂයක් ඔබ දෙදෙනා අතර දැනෙන්නේ නැත. නමුත් නිරුවත්ව නින්දට යෑමෙන් නින්දේදී ඉතා හොද ශරීර සම්බන්ධතාවක් ලබා ගත හැකි වේ.

එය ඉතා හොද නින්දකට පාර කියයි...

සමහර අයට නින්ද නොයෑමේ ගැටලු පවතී. බොහෝ විට ඊට හේතු වන්නේ ඔවුන්ගේ මානසික ගැටලුය.නමුත් නිරුවත්ව නිදාගැනීමේදී ලැබෙන ශාරීරික පහසුව, එම සියලු ගැටලු ඉක්මවා යයි. එමගින් ඉතා සුවපහසු හොද නින්දකට ඉක්මනින් පෙලබිය හැකි වේ.

එය ඔබේ සමට හිතකරය...

ඔබ නින්දේදී හුස්ම ගන්නා විට ඔබේ ශරීරයේ ඇතැම් කොටස් රෙදි වලින් වැසී පවතී. එය ශරීරයට එතරම් හොද දෙයක් නොවේ. නමුත් නිරුවත්ව නිදාගන්නා විට, ශරීරයේ සෑම තැනකම උෂ්ණත්වය සමාන වේ. එය ඔබේ සමට ඉතා හොද දෙයකි.

එය ඔබ ශරීරයේ cortisol පාලනය කිරීමට උදව් වේ...

Cortisol ශරීරයේ බහුලව ඇති රසායනික ද්‍රව්‍යයකි. ඒ වගේම එය ශරීරයට ඉතා අහිතකර විය හැකිය. ඔබ නිරුවත්ව නිදාගන්නා විට ශරීරයේ උෂ්ණත්වය අඩුවෙන් ස්ථාවර මට්ටමක තබා ගත හැකිය. එමගින් මෙම රසායනිකය ස්ථාවර මට්ටමක තබා ගැනීමට උදව්වක් වේ.

ඔබේ මෙලනින් හා වර්ධක හෝමෝන පාළනය කරයි...

ශරීරයේ උෂ්ණත්වය සෑම තැනකව එකාකාරව තබා ගැනීමට නිරුවත්ව නිදාගැනීම උපකාරී වේ. එමගින් ශරීරයේ සෑම තැනකම අලුත් හෝමෝන නිපදවීමේ හැකියාව එයට ලැබෙයි.

ඌෂ්ණ කාලයේදී නින්දට යෑම පහසු කරයි...

දැන් අපි මේ ගත කරනවා වගේ ඌෂ්ණ අධික කාලගුණයකදී ඇදුම් සහිතව නින්දට යෑම ඉතාම අපහසු කරුණකි. එමගින් අපට නිදහසේ සිටීමට ලැබෙන එකම කාලයත් අහිමි වී යයි. නමුත් නිරුවත්ව නිදා ගැනීමේදී එවවන් ගැටලු ඇති වන්නේ නැත. අවුරුද්දේ ඕනෑම කාලයක සැප පහසු නින්දක් ලබා ගත හැකි වේ.

(under the courtesy of hirutv.lk blog web)

More News »