Home / ජීවීතය සුන්දරද / ස්නායු විද්‍යාවට අනුව හැමදාම සතුටෙන් ඉන්න පුළුවන් රහස් ක්‍රම 5ක්

ස්නායු විද්‍යාවට අනුව හැමදාම සතුටෙන් ඉන්න පුළුවන් රහස් ක්‍රම 5ක්

2018-12-12 11:08:00       505
feature-top
සතුටෙන් ඉන්න අපි හැම කෙනෙක්ම කැමතියි. ඒත් එදිනෙදා අපිට මුහුණදෙන්න වෙන බාධක, ගැටළු එක්ක නම් හැබැයි සතුටෙන් ඉන්න එක ටික්ක අභියෝගයක් බවටත් පත් වෙලා තියෙනවා. හැබැයි ස්නායු විද්‍යාව අනුව තහවුරු කරලා තියෙන මේ දේවල් කළොත් නම් ඔබට හැමදාම සතුටෙන් ඉන්නට පුළුවන් වේවි.
 
01. වරකට එක ගැටළුවක් විසඳන්න

කාංසාව සහ තරහ ඇති වෙන්නට සහ මානසික ආතතිය ඇති වෙන්නට ප්‍රධානම හේතුවක් තමයි අපි ඔළුවේ ප්‍රශ්න ගොඩ ගහගෙන ඉන්න එක. අන්තිමට අපි දොඩම් ගොඩ බදාගත්තා වගේ එකක්වත් විසඳගන්න බැරුව ජීවිතෙත් අවුල් කරගෙන ඔළුවත් අවුල් කරගන්නවා. ඊට පස්සේ වෙනත්ම කෙනෙක් තමයි අපේ කෝපය නිසා සිත රිදවා ගන්නේ. ඉතින් එහෙම නැතිව ඔබට තිබෙන ප්‍රශ්න කොළයක පිළිවෙලට ලියාගෙන එකින් එක වෙන වෙනම කල්පනා කළොත් සිතේ ක්‍රමවත් බවක් ඇති වෙලා සැහැල්ලුවක් දැනේවි.
 
02. හිතේ කිසිම දෙයක් හිරකරගෙන ඉන්න එපා

හිතට දුකක්, ප්‍රශ්නයක් ආවාම ඒක ගැනම තැවෙමින් කල්පනා කර කර ඉන්නවා. ඒත් වෙනුවට ඔබේ සිතට වධ දෙන දේවල් හෝ කාටහරි බනින්න අවශ්‍ය නම් ඒ දේවල් කොළයක ලියන්න. මෙහෙම කරද්දී අපේ මොළයේ සෙරටොනීන් ස්‍රාවය වෙලා සිතට සහනයක් ලබා දෙන අතරේ අපේ ගැටළු වලට විසඳුම්නුත් ගෙන එනවා. විශේෂයෙන් කෙනෙක්ට බනින්න තියෙන දෙයක් කොළයක ලියලා එය විනාශ කර දමන්නට පුළුවන් නම් සිත් රිදවා ගන්නේ නැතිව හිතේ තියෙන ආතතිය නැති කරගන්න පුළුවන්. ඉස්සර බොහෝ දෙනෙක් දිනපොත් ලිව්වෙත් මේ නිසාම තමයි.
 
03. අනිත් අයත් එක්ක කථා කරන්න

ගොඩක් අය හිත අවුල් ගියාම කාත් එක්කවත් කතා නොකර පැත්තකට වෙලා ඒ ගැන හිත හිත ඉන්නවා. හැබැයි ඔබට හොඳටම විශ්වාසවන්ත කෙනෙක් එක්ක හිතේ තියෙන ගැටළුව ගැන කතා කරන්න පුළුවන් නම්, හිතේ තියෙන දුක යනකම්ම බදාගෙන අඬන්න පුළුවන් නම් එයින් ඔබේ හිතට දැනෙන පාළුව කාන්සිය නැති කරන්න උදව් වෙන මොළයේ ප්‍රදේශ සක්‍රීය වෙනවා. විශේෂයෙන් ස්පර්ශය හරහා සක්‍රීය වන මොළයේ ප්‍රදේශ වලින් ඔබ තනි නැති බවට විශ්වාසයක් සිත තුළ ගොඩ නගන්නට උපකාරී වෙනවා.
 
04. අලුත් දෙයක් අත්හදා බලන්න

සතුටින් ඉන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි අලුත් දෙයක් ඉගෙන ගන්න එක. ඒක සමහරවිට ඔබට වෙච්ච කරදරයකින් හරි, මොනවා හරි ඔබ මෙතෙක් නොකරපු දෙයක් ඒ කියන්නේ ගිටාර් ගහන්න ඔබ ආසනම් ඒක ඉගෙන ගන්න උත්සාහ කළොත් එය ක්‍රම ක්‍රමයෙන් ඉගෙන ගනිද්දී ඔබට අමුතුම සතුටක්, සිතට සහනයක් දැනේවි. මෙහෙම අපි දෙයක් ඉගෙන ගෙන සතුටක් ලබද්දි ස්‍රාවය වන ඩෝපමීන් නිසා තමයි අපට මේ සහනය ඇති වෙන්නේ. ඉතින් ජීවිතේට අලුතින් හැකියාවක් එකතු කරගන්න ගමන් හිතත් සතුටින් තියාගන්න පුළුවන්.
 
05. ස්තූති කරන්න

අපිට උදව් කරන අයට වැඩිය ස්තූති කරන්නට අකමැති වුණත් චීනය, ජපානය වගේම හොඳ සංස්කෘතියක් නැති බටහිර රටවල් පවා පොඩි උදව්වක් කළ කෙනෙක්ට වුණත් ස්තුති පුදකරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ස්නායු විද්‍යාව අනුව තහවුරු කළ දෙයක් තමයි අපි කෙනෙක්ට ස්තුති කරද්දී ඒ වෙනුවෙන් ජනනය වන සෙරටොනීන් නිසා අපේ සිත තුළ ඇතිවෙන ධනාත්මක හැඟීම් නිසා දුක්බර ගතිය නැති වෙලා යන බව.

(under the courtesy of hirutv.lk blog web)

More News »