Home / ජීවීතය සුන්දරද / කාන්තාවන්ට පමණයි - ඔබ කියවිය යුතුමයි

කාන්තාවන්ට පමණයි - ඔබ කියවිය යුතුමයි

2019-01-05 10:57:00       370
feature-top
අද කාලේ කාන්තාවන් වැඩි වශයෙන් උනන්දු වෙන්නේ  තමන් ගේ රූ සපුව ගැන පමණයි. ඒ වෙනුවෙන් කාන්තාවන් නොකරනා දෙයක් නැති තරම්. නමුත් කාන්තා ඔබ තමන්ගේ ලස්සන ගැන වගේම ශරීර සෞඛ්‍ය ගැනත් උනන්දු විය යුතුයි. ගෙදරදොරේ වැඩ රාජකාරී බොහෝමයක් නිසා ඇතැම්විට ඔබට ඔබේ සෞඛ්‍ය තත්වය ගැන සොයා බලන්නට කාලවේලාවක් නැතුව ඇති.

නමුත් කාන්තාවන්ට වැළඳෙන රෝග අතරින් දෙවැනි තැන හිමි වන ගැබ් ගෙල පිළිකා රෝගී තත්වයට වර්තමානයේ කාන්තාවන් බහුල වශයෙන් ගොදුරු වීම ඉතාමත් අවාසනාවන්ත තත්වයක් .  ඇතැම් විට මේ රෝගී තත්වයට ගොදුරු වීමට හේතුව ඔබ විසින් ඇබ්බැහි වී ඇති නරක පුරුදු නිසා වෙන්නත් පුළුවන්. ඉතිං කාන්තා ඔබට වැදගත් පණිවිඩයක් දෙන්න අපි හිතුවා. ඔබ කාන්තාවක් නම් නොවරදාවාම මේ ලිපිය අවසන්වන තුරුම කියවන්න.

‘ගැබ් ගෙල පිළිකාව’ කියන්නේ කාන්තාවන්ට හැදෙන ලෙඩ රෝග අතරින් නිහඬවම ඇය බිලිගන්නා මාරයෙක්. එය භයානක වන්නේ එහි මුල් අවධියේදී එහි රෝග ලක්ෂණයක් හෝ වේදනාවක් නොදැනෙන හෙයින්. බොහෝ විට පිළිකාවක රෝග ලක්ෂණ මතු වන්නේ එය ශරීරයේ අවයව කරා පැතිර ගිය පසුවයි. පිළිකාව මාරාන්තික වූවත් එය කල් තියා හඳුනා ගැනීමෙන් ඔබට පූර්ණවශයෙන් සුවය ලබා ගන්න පුළුවන්.

ගැබ්ගෙල පිළිකාව ඇතිවන්නේ ගැබ්ගෙල ආශ්‍රිතවය‍. හියුමන් පැපිලෝමා වෛරසය (HPV) ආසාදනය දිගු කලක් පැවැතීමෙන් ගැබ්ගෙල පිළිකාව ඇති වේ. මෙම පිළිකාව ඇති වීමට පෙර පූර්ව පිළිකා අවධියක් තිබේ. පූර්ව පිළිකා අවධියේදී ‍‍රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෙයින් පැප් පරීක්ෂණයක් මඟින් ‍රෝගය හඳුනාගත් විට නිසි ප්‍රතිකාර ලබා පිළිකාවක් බවට පත්වීම වළක්වා‍ගත හැකි ය.‍
 
ගැබ්ගෙල පිළිකාව සඳහා වන පැප් පරීක්ෂණය වයස අවුරුදු 35 ට හෝ ඊට වැඩි ලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන්ට සුවනාරී සායනවලදී නොමිලේ සිදු කරගත හැකිය. ගැබ් ගෙල පිළිකාවෙහි රෝග ලක්ෂණ කිහිපයකි. ඒවා දැන සිටීමෙන් සැකයක් ඇත්නම් ඔබට ද පැප් පරීක්ෂාවක් කරවා ගන්නට පුළුවන්.

ගැබ් ගෙල පිළිකාවෙහි රෝග ලක්ෂණ

යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධිර වහනය
ලිංගික සංසර්ගයට පසු රුධිර වහනය
යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයකින් යුත් ශ්‍රාවයක් පිටවීම
මාස් ශුද්ධිය නැවතී ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම.
අඩු වයසින් ලිංගික ජීවිතය ඇරැඹූ කාන්තාවන්ට.
බහු ස්ත්‍රී සේවනයේ යෙදෙන පුරුෂයන් සමඟ ලිංගිකව සම්බන්ධවන කාන්තාවන්ට.
අක්‍රියව හෝ සක්‍රීයව දුම්බීමේ යෙදෙන කාන්තාවන්ට
විවිධ රෝග සඳහා ප්‍රතිශක්තිය හීන කරවන බෙහෙත් ගන්නා කාන්තාවන්ට
ලිංගිකව බෝවෙන රෝග හැදුණු කාන්තාවන්ට

මෙවැනි හේතු කාරණා මූලික කර ගනිමින් කාන්තාවන් මෙම රෝගී තතිවයන්ට මුහුණ පාති. ගැබ් ගෙල පිළිකාව සඳහා කල් තියා හඳුනා ගැනීමට (පූර්ව පිළිකා අවධිය) පැප් පරීක්ෂණයක් කළ යුතු ය.

පැප් පරීක්ෂාව යනු ගැබ් ගෙල ආශ්‍රිතව සිදු කෙරෙන සරල පරීක්ෂණයකි.  මාස් ශුද්ධිය නොමැති දිනක ඔබේ රෝහලේ සුව නාරි සායනයට පැමිණ මෙම පරීක්ෂණය සිදු කරගත හැකි ය.වේදනාවෙන් තොර මෙම පරීක්ෂණයෙන් පූර්ව පිළිකා සෛල හඳුනාගත හැකිවේ.මෙම පරීක්ෂණය නිරෝගී කාන්තාවන් සඳහා ය. ලිංගික සබඳතා පවත්වන සියලු කාන්තාවනට ප්‍රථම ලිංගික එක්වීමෙන් වසර 5 කට පසු මෙය නිර්දේශ කෙ‍ෙර්. පැප් පරීක්ෂණයේ ප්‍රතිඵල අසාමාන්‍ය නම් ගැබ්ගෙල පිළිකා ස්ථිරවම ඇත් දැයි හඳුනා ගැනීමට පරීක්ෂණ සඳහා යොමු කෙරේ. ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු ය. පරීක්ෂණයෙහි ප්‍රතිඵල සාමාන්‍ය නම් ඔබගේ ඊළඟ පැප් පරීක්ෂණය වසර 5 කින් පසුව සිදු කර ගත හැකිය.

ගැබ් ගෙල පිළිකාවෙන් වැලකීමට මේ උපදෙස් පිළිපදින්න

අඩු වයසින් ලිංගික සබඳතා පැවැත්වීමෙන්වළකින්න.
ලිංගික සබඳතා පවත්වන සෑම කාන්තාවක් මඅවුරුදු 35 දී පළමු පැප් පරීක්ෂණය සඳහා ප්‍රදේශයේ සුවනාරි සායනයට සහභාගි වෙන්න.
විශ්වාසවන්ත එක් සහකරුවකුට පමණක් ලිංගිකදිවිය සීමා කරන්න.
අනාරක්ෂිත ලිංගික ඇසුරකදී උපත්පාලන කොපුභාවිතා කරන්න.
ලිංගික දිවිය ඇරැඹීමට පෙර වළක්වා ගැනීමටඑච්. පී.වී. එන්නත ලබා ගන්න.


(under the courtesy of smartlady.lk web)

More News »