Home / ජීවීතය සුන්දරද / අවුරුද්දෙන් පසුත් ලුණු සහ සීනිවලින් දරුවා ඈත් කර තබන්න

අවුරුද්දෙන් පසුත් ලුණු සහ සීනිවලින් දරුවා ඈත් කර තබන්න

2019-05-04 12:04:00       686
feature-top
පුංචි සිඟිත්තෙකු උපන්දා සිට මවක් ලෙස නිතරම සිතන්නේ වෙහෙසෙන්නේ දිනෙන් දින වැඩෙන සිඟිත්තාගේ
‍පෝෂණය සම්බන්ධවයි. නිරෝගී සෞඛ්‍යමත් දරුවකු අනාගතයට දායාද කිරීමට නම් නිවැරදි
‍පෝෂණීය සෞඛ්‍යමත් ආහාර රටාවකට හුරු කළ යුතුයි. මේ ආහාර රටාව ලබාදීමේදී අපේ මව්වරුන්ට එන ගැටලු නම් දිනෙන් දින අලුත් වෙනවා.
 

දරුවකුගේ නිරෝගීභාවය තීරණය වෙන අයුරු
 
දරුවකුගේ ජීවිතයේ මුල් අවුරුදු කීපය තුළ “බර” ප්‍රමාණයට වඩා වැඩි වීම හා අධික සීනි, කැලරි හා තෙල් භාවිතය මේ කාලය සිටම හුරුවීම ඔහුගේ අනාගත ජීවිතයම අඳුරු කිරීමට රෝගී වැඩිහිටියකු කිරීමට හේතු වෙනවා.
දරුවන්ගේ කුඩා කාලයේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම වගේම නියමිත බරට වඩා බර අඩුවීමත් දරුවාගේ ජීවිතයට අයහපත් ලෙස බලපාන බව නවතම විද්‍යාත්මක සොයා ගැනීමයි.
 
මේ නිසා දරුවකු නිරෝගී වැඩිහිටියකු කිරීමට නම්
 
* මාස 06ක් වනතුරු මව්කිරි පමණක් ලබා දීම.
* උපතේ සිටම බර වැඩිකර ගැනීමට නොව උපත් බරට සාපේක්ෂව නියමිත බර පවත්වා ගෙන යාම පිළිබඳ සැලකිලිමත් වීම.
* වැරදි ආහාර රටා සහ හානිකර ආහාර රසයන්ගෙන් කුඩා කළ සිටම දරුවා බේරා ගැනීම කළ යුතුය.
 
නිදසුනක් ලෙස
 

අප සංස්කෘතියේ ආහාර රටාව තුළත් නවීන ආහාර ක්‍රමවේද තුළත් පැණි රස හෙවත් සීනි වැඩිපුර පවතිනවා. තේ, කෝපි, පලතුරු පානයකට වුව සීනි දමා පානය කිරීම වගේම තේ බොන වාරයක් පාසා පැණි රස හෝ යම්කිසි බිස්කට්  වර්ග භාවිතයට අපේ ජනතාව පෙළඹී සිටිනවා. මෙවැනි වැරදි ආහාර රටාවන් අද වන විට බෝ නොවන රෝග ඉහළ ධාරිතාවකයි පවතින්නේ.
 
මුළු දවසම කය වෙහෙසා වැඩ කරන ලාංකිකයන්ට පැණි රස එතරම් ගැටලුවක් නොවුණත් එක තැන රැකියාවකට හුරු වූ සහ සුඛෝපභෝගි ජීවන රටාවකට වැඩි සීනි අනවශ්‍යයි.
එනිසා නිවැරදි ආහාර රටා කුඩා කළ සිටම  හැකි පමණ පුරුදු කරන්න. ඒ රටාවට හුරු වූ දරුවා වැඩිවියට පත් වුවත් ඒ රටාවට ප්‍රිය කරාවි.
 

වයස අවුරුද්දෙන් පසු ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන දරුවාට ආහාර දීම උපක්‍රමයක් ලෙස සීනි, ලුණු හෝ කෘත්‍රිම  රසකාරක වර්ග යොදා නොගත යුතුයි. ඒ වෙනුවට ස්වාභාවික රසකාරක භාවිත කිරීම උචිතයි.
වයස අවුරුද්දකට ආසන්න වනතුරු හෝ හැකිනම් අවුරුද්ද පසු වීත් හැකි පමණ කාලයක් ලුණු, සීනි අඩංගු නොකර නැතහොත් ලුණු, සීනි අඩුවෙන් පුරුදු කළ යුතුය.
 
* සෑම ආහාරයකටම අනන්‍ය වූ රසයක් වර්ණයක් ඇති බව හා ඒවා වින්දනය කිරීමට ඉගැන්වීම තුළින් මානසික වර්ධනයට එය ඉතා වැදගත් වෙනවා.
* දරුවාට කිරි ආහාර හෝ කිරි ලබාදෙන විට රස කළ කිරි වර්ග ලබා නොදෙන්න. රස කළ කිරි පැකට් වෙනුවට ස්වාභාවික නැවුම් එළකිරිවලට සකසා පලතුරු වැනි දෑ යොදා රස කර ලබා දෙන්න.
* සීනි රස ආහාර ලබාදීම තුළින් රස අංකුර සීනි රසයට වඩාත් කැමැත්ත දක්වන නිසා අනෙක් ආහාර
ප්‍රතික්ෂේප කිරීමට පුළුවනි. මේ නිසා සීනි සහිත ආහාර සම්බන්ධ උත්තේජන දරුවාට හැකි තරම් දීම අවම කරන්න.
* වැඩෙන දරුවාගේ මොළයේ වර්ධනයට හා ක්‍රියාශීලීත්වයට ග්ලූකොස් අවශ්‍යයි. මේ අවශ්‍යතාවය ස්වාභාවික සීනි මගින් ඉටුකර දෙන්න. අප ගන්නා බොහෝ ආහාරවල දරුවාට අවශ්‍ය සීනි ප්‍රමාණ අන්තර්ගතයි.
උදා:- පලතුරු, බත්, අල වර්ග, එළවළු, වෙනත් පිටි සහිත ආහාර.
* පිපාසයට සෑම විටම පිරිසිදු වතුර ලබා දෙන්න. නැතහොත් කෘත්‍රිමව සීනි අඩංගු නොකර හෝ අඩු සීනි සාන්ද්‍රණයක් සහිත පලතුරු යුෂ, තැඹිලි වතුර, ‍පොල් වතුර වැනි දෑ ලබා දෙන්න.
* පාසලට ගෙන යාමට බනිස්, ෂෝර්ට්ඊට්ස් වැනි ආහාර ලබා දීමෙන් වළකින්න.
* ගර්භණී කාලයේ සිට කිරි දෙන කාලයේදීත් පැණී රසට ලොල් වීම දරුවාගේ සෞඛ්‍යයට හිතකර නොවන බව සොයාගෙන තිබෙනවා. ඒ නිසා ගර්භණී කාලයේදී  සිටම පැණි රස, තෙල් භාවිතය සීමා කරන්න.
 
කැලරි නොමැති සීනි නොමැති යනුවෙන් ‍ලේබල් කරන ලද ආහාර, පානවල බොහෝ විට සීනි වෙනුවට සීනි ඇති රසකාරක යොදා තිබෙන අතර මෙම කෘත්‍රිම රසායනයන් මගින් සිරුරේ හෝමෝ ක්‍රියාකාරිත්වයෙහි වෙනස්කම් ඇති කළ හැකිය.
 
* ඉන්සියුලින් ප්‍රමාණය අඩුවීම.
* වකුගඩු වලින් පෙරීමේ ගැටලු.
* පරිවෘත්තීය ක්‍රියාකාරිත්වයට බාධා ඇතිවීම.
 

දරුවන්ට කුඩා කළ සිටම නොදිය යුතු පුරුදු නොකළ යුතු ආහාර කිහිපයක්
විශේෂයෙන් ක්‍රීම් බිස්කට්, මේද සහිත බිස්කට් වර්ග ආදිය මීට අයත්. ඒ සඳහා ගෙදර සකසන කුකීස් ලබාදීම සුදුසුයි.
 
කලින් සැකසූ අසුරා ඇති ආහාර වෙනුවට ගෙදර සැකසූ සීරියල් වර්ග, පියුරි වර්ග ලබා දෙන්න.
 
අයිසිං කේක්/පේස්ටී්‍ර වර්ග වෙනුවට
නිවසේ  සැකසූ කේක් වර්ග ලබාදීම.
රස කැවිලි වෙනුවට පලතුරු හෝ ප්‍රධෘන ආහාර වේලකට පසු උසස් ප්‍රමිතියෙන් යුතු චොක්ලට් කැබැල්ලක් ලබා දෙන්න.
 
ලුණු අධික චිප්ස් වර්ග
 
සෞඛ්‍යයට ඉතාම අහිතකර අතර ඇබ්බැහි වන සුළුයි.
 
තේ/කෝපි
 
තේ, කෝපි ලබා දෙනවා නම් ඉතාමත් අඩු  සාන්ද්‍රණයෙන් සහ සීනි නොමැතිව ලබා දෙන්න.
 ඪලලච, බර්ගර්, සමෝසා, වැනි ගැඹුරු තෙ‍ලේ බදින  ලද ආහාර දෙවතාවක් එකම තෙ‍ලේ බදින ලද ආහාර සේම සියලුම කෘත්‍රිම රසයන් ඇති ආහාර තුළින් ඈත් කර තබන්න.
මෙවැනි ආහාර රටාවකට හුරු කිරීමෙන් ඔබේ දරුවාට නිරෝගී සෞඛ්‍යමත් පුරවැසියකු වීම සඳහා අඩිතාලම සැකසෙනු ඇති.
 
උපදෙස්
 
සෙනෙහස පදනමේ නිර්මාතෘ Baby care Lanka  ආයතනයේ අධ්‍යක්ෂිකා මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශක ශ්‍යාමලී පතිරගේ
 

උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »