Home / ජීවීතය සුන්දරද / ඔබත් කුසේ සිටිනා දරුවාත් කොවිඩ් 19න් ආරක්ෂා වීමට මේ දේවල් ගැන සිතන්න

ඔබත් කුසේ සිටිනා දරුවාත් කොවිඩ් 19න් ආරක්ෂා වීමට මේ දේවල් ගැන සිතන්න

2020-04-17 09:12:00       808
feature-top
ගර්භණී ඔබට හා පුංචි දරු සිඟිත්තාට කෝවිඩ් 19 අවදානම්; ප්‍රවේසම් වෙන්න
• මේ කාලය තුළ ස්වභාවික ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීම ඉතා වැදගත්.

වසර දහස් ගණනක් පැරැණි ආයුර්වේද හා දේශීය වෙදකමේ මෙම විෂබීජ මට්ටු කිරීමේ ක්‍රම ඕනෑ තරම් තිබෙනවා. අපගේ සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිකරණ වර්ධනය කිරීම ඉන් ප්‍රධානයි. විශේෂයෙන්ම ගර්භණී අවධියේ ප්‍රතිශක්තිය වර්ධනය ඉන් ප්‍රධානයි.

විශේෂයෙන්ම ගර්භණී අවධියේ ප්‍රතිශක්තියේ හීන වීමක් පවතින නිසාත්, කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය තවමත් වර්ධනය වෙමින් පවතින බැවිනුත් ඕනෑම වයිරස ආසාදනයකට පහසුවෙන් ගොදුරු වීමේ හැකියාව ඇති බැවින් ෙම් පිළිබඳ අවධානය ගොඩක් වැදගත්. ආයුර්වේද මතානුකූලව ඕනෑම රෝගයක් පාලනයට නිධාන පරිවර්ජනය හෙවත් රෝග හේතූන්ගෙන් වෙන් වීම වැදගත්.

• සංක්‍රාමික හෙවත් බෝ වන රෝගවලට හේතූන් දැක්වීමේදී

01.රෝගියකු සමඟ මෛථුන සේවනය

02.ශරීර ස්පර්ශයෙන්

03.රෝගියෙකුගේ ප්‍රශ්වාස වාතයෙන්

04.ශරීර තරල ස්පර්ශයෙන්

05.එකම ස්ථානයක නිදාගැනීමෙන්

06.මුහුණට මුහුණ හිඳ සිටීමෙන්

07. එකම පිඟාන කෝප්පය ආදී පුද්ගලික භාණ්ඩ හුවමාරුවෙන්

08.රෝගී වූවකු ගෙන ඉතුරු වූ ආහාර පාන අනුභවයෙන්

09. පොදුවේ ඇඳුම් පැලඳුම් භාවිතය තුළ ආසාදිත පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට රෝගය බෝ වීම සිදුවන බව ආයුර්වේදයේ සදහන්.

මේ අනුව ඔබ ගෙදරදීත් සමාජ ගනුදෙනුව තුලත් මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කොට ඒවායින් වැළකීම ඉතාම වැදගත්.

 

• ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවූ විට

ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇති වන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව, සොටු දියර ගැලීම ආදී තත්ත්වයන්හිදී මෙන්ම ඔබ දියවැඩියාව, අධිරුධිර පීඩනය, චර්ම රෝග, ඇදුම, පීනස, රක්ත රෝග ආදී වෙනත් රෝගවලින් පෙලේ නම් ඒ තත්ත්ව මර්දනය කරමින් ප්‍රතිශක්තිය වර්ධනයට මේ උපදෙස් වැදගත්.

 

• නිවසේ දී කළ හැකි සරල අත් බෙහෙත්

*කබලේ බැදගත් කොත්තමල්ලි, ඉඟුරු

තම්බා දිනකට වරක් පානය කිරීම.

නිල් කටරොඩු මල් පානය ඉතා යෝග්‍යයයි.

*සෙම ගතිය වැඩි නම් ඉඟුරු,කොත්තමල්ලි, තිප්පිලි, ගම්මිරිස්, පාවට්ටා දළු තම්බා පානය කිරීම.

*ප්‍රතිශ්‍යාව සමඟ අතපය සන්ධි වේදනාවට වෙනිවැල් ගැට, ඉඟුරු, කොත්තමල්ලි, කටුවැල්බටු තම්බා පානය කිරීම.

*ප්‍රතිශ්‍යා කැස්සට ඇඹුල් දොඩම් ඉස්ම, අමු ඉඟුරු ඉස්ම, මී පැණි සමඟ මිශ්‍ර කර ටික ටික දිව ගෑම සුදුසුයි.

*විශේෂයෙන් මද උණුසුම් ජලය නිතර භාවිතය ඉතා වැදගත් ෙව්.

*තේ වෙනුවට බෙලිමල්, රණවරා වැනි ඖෂධ පානය කිරීම.

*දෙහි යුෂ, ඉඟුරු යුෂ, මී පැණි එක්කර පානයක් ලෙස යෝග්‍යයයි. මෙමගින් ගර්භණී කාලය තුල ඇතිවන අප්‍රිය ගතිය මඟහරවා නව ප්‍රාණයක් ගතට ලබා දේ.

*ඖෂධීය දුම් ඇල්ලීම

උණු ජලය හුමාලය හෝ යකිනාරං, බෙලි කොළ, නික කොළ, පාවට්ටා කොළ, සුදු හඳුන්, වෙනිවැල්ගැට තම්බා දිනකට දෙවරක් මුහුණ විශේෂයෙන් නාසය හා කෝඨර ප්‍රදේශයට වාෂ්ප ඇල්ලීම.

*ගර්භණී කාලය තුළ මුඛ සෞඛ්‍ය රැක ගැනීම මෙම පැතිර යන ස්වසන රෝගවලටද වැදගත්

*මදුරුතලා කොළ මිටක්, ගම්මිරිස් ඇට 5ක් පමණ තලා තම්බා මඳ රස්නෙන් උඟුර කට දිනකට දෙවරක් හෝ තුන් වරක් සේදීම

*මද උණුසුම් ජලයට ලුණු කුඩු දමා උගුර සේදීම

*ඖෂධීය කැඳ වර්ග භාවිතය ඕනෑම රෝගයකට මෙන්ම නිරෝගී සුවයටද බලපායි.

• ශරීර ප්‍රතිශක්තිය වර්ධනයට

• මතක ශක්තිය වර්ධනයට

• ධාතු වර්ධනයට

• පණුරෝග සමනයට

• වා, පිත්, සෙම්, ආදී ත්‍රිදෝෂ කෝප වීමෙන් ඇතිවන රෝගාබාධයන්ට අදාලව විවිධ කොළ කැඳ වර්ග භාවිතයෙන් සකස් කළ කැඳ වලින් ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල ලබාගත හැකියි. එසේම

• සමෙහි උෂ්ණත්වය පාලනයට

• අර්ශස් රෝග පාලනයට ද වැදගත් ෙව්.

සමබල ආහාර ගැනීම නිරෝගීභාවයට ද රෝග පාලනයට ඉතා වැදගත්. අතර ගැබිණියකගේ මුල් තෙමස කලලය තදින් ගර්භයට බැඳ ගන්නා කාලයයි. ඒ සඳහා උදව් වීමට වැඩිපුර ශීත හා ද්‍රව බහුල ආහාර ගතයුතු බව ආයුර්වේදයේ දැක්ෙව්.

ඒ සඳහා වඩාත් සුදුසු ආහාර ලෙස

* එළකිරි

* මුං ඇට

* තැඹිලි වතුර

* බාර්ලි

* සව් කැඳ

* ලුණු කැඳ

* කිරි කැඳ

* බතල

* හිඟුරල වැනි ආහාර දැක්විය හැකියි.එනමුත් මෙම ආහාර අධික භාවිතය ⁣ඔබට සෙම් රෝග ඇති කිරීමටද හේතු විය හැකි බැවින් ඒ පිළිබඳ දැනුවත්ව පමණ දැන භාවිතය වැදගත් ෙව්.

මාස 04 - 07 දක්වා කාලයේ කලලයේ සියලු ශරීර කොටස් බෙදී වෙන්ව අවසන් වෙයි. මෙය දරුවාගේ වර්ධනය සීග්‍රයෙන් සිදුවන අවධියක් හෙයින් පෝෂණය වැඩිපුර අවශ්‍ය ෙව්.

එමෙන්ම කෑම අරුචිය, ඔක්කාරය, වමනය දුරුවී ගර්භණියට ආහාර ගැනීමේ හැකියාව වැඩියෙන් දැනෙන කාලයකි. මේ කාලය තුළ ගැබිණියගෙ ආහාර වේල් තුනම සමබල විය යුතුය.

*එළකිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන

*චීස්, යෝගට්, බටර්, කිරි, එළගිතෙල්, මුදවපු

කිරි

*පොල්පලා කැඳ, ගොටුකොළ කැඳ

*මාංශ අඩංගු සුප්

• කිරි කැඳ

• එළු කිරි, එළු කටු සුප්

• සහල් කැඳ, බැදි හාල් කැඳ යෝග්‍යයයි.

අවසාන තෙමසෙහි සිදුවන්නේ ගර්භයේ ප්‍රමාණය විශාල වීමයි. ඒ සමඟම ගැබිණියගේ සිරැරේ අස්ථි හා පේශිවල ඇදෙන සුළු ස්වාභාවය වර්ධනය මඟින් ස්වාභාවික ප්‍රසවයකට ඉඩකඩ සැකසීම ද සිදු ෙව්.

• බත් කැඳ

• මස් වර්ග යෙදු සුප්

• කිරි වර්ග

• මුං ඇට කැඳ

• කුරක්කන් කැඳ

• කිරි බත්

• ගිතෙල් බටර් වැනි ආහාරද

ඒ අතරම මව් කිරි වර්ධනය සඳහා විශේෂිත වූ ආහාර පාන පිළිබඳවද මේ කාලය තුල සැලකිලිමත්වීම වැදගත් ය. ඒ සඳහා

• එළකිරි

• හාතාවාරිය කැඳ

• කිරි

• මෝර, තෝර, මඩු මාළු

• පොළොස්

• කිරි කොස්

• කිරි අගුණ

• කිරි හැන්ද

• අල කොළ

• නීරමුල්ලිය

• කුරුළු තුඩ, සුවදැල්, රත් හාල් වැනි සහල් වර්ග භාවිතය

• ප්‍රතිශක්ති වර්ධනය කර ගැනීමට

කුළු බඩු විශේෂයෙන් දායක ෙව්. එහෙත් ගර්භණී ඔබ සුදුළුෑනු අධිකව ආහාරයට ගැනීම සුදුසු ෙනාෙව්.

*පොදුවේ නැවුම් එළවළු, පලතුරු, විටමින් සී බහුල ආහාර භාවිතය යෝග්‍යයයි.

පොළොස්, එළබටු, නිවිති, ගොටු කොල මෙන්ම පේර, දෙහි, දොඩම්, නෙල්ලි, වෙරළු, අනෝද, උගුරැස්ස, දෙළුම් වැනි පලතුරු යෝග්‍යයයි.

*තවද, මාළු, බිත්තර හොඳින් සෝදා පිසීම වැදගත්.

• ඔබ සැලකිලිමත් විය යුතුයි

• පිරිසිදුව නැවුම් හොඳින් පිසින ලද ආහාර පාන ගැනීම.

• කෘතිම ආහාර, රසකාරක යෙදූ ක්ෂණික ආහාර පානවලට හුරු නොවීම.

• පෝෂණයත් ගුණාත්මකභාවයත් රැකෙන අයුරින් ඔබ කැමති ලෙස නිවස තුලම ආහාර සකසා ගැනීම. එයින් මේ දිනවල නිවසේ රැෙඳන ඔබේ ආදරණීයයන්ගේ සිත් තවත් ආදරණීය කර ගන්න.

• රක්තහීනතාව හෙවත් Anemia තත්ත්වයද ඔබ පාලනය කර ගැනීම වැදගත්. ස්වාභාවික ආහාර පාන තුළින් පරිප්පු, තම්පලා, මුකුනුවැන්න, තෝර කොළ, බෝංචි, මුහුදු ආහාර නිවිති වැනි දෑ නිතර භාවිතය වැදගත්ය.

• තැම්බුම් හොද්ද

උදරාබාධයකින් පෙලෙන විටත් බොහෝ විට පැතිරෙන වයිරස් උණ නිසා ඇතිවන ආහාර අරුචිය මඟහරවා ගැනීමටත්, සෙම බහුල අවස්ථාවලදීත් මෙය සාදා භාවිතය තුලින් දැනෙන සුවය අති මහත්.

• ඔබ මාස පහ, හය සපිරුණු ගර්භණී මවක් නම් ප්‍රතිශක්ති වර්ධනය සඳහා දෙසදුන් කල්කයද වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම සිදු කළ හැකියි.

• ආයුර්වේද දර්ශනයට අනුව වා පිත් සෙම් යන ත්‍රිදෝෂ වාදය මත මිනිස් සිරුර දරා සිටියි. ආයුර්වේදයේ මූලික අරමුණ වනුයේ එකී දොස් සමතුලිතව පවත්වා ගනිමින් ජීවිතයට ජීවනය ලබා දීමයි. හට ගත් රෝගයනට අදාල ප්‍රතිකාරත් රෝග නිවාරණයට මඟත්, කැටිකරගත් උතුම් ශිල්පීය ක්‍රමය ආහාර, ඖෂධ මගින් මනාව ඉස්මතුකර දැක්වේ.

• ගර්භණී කාලය තුලදී

නිරාහාරව නොසිටීම මෙන්ම නිසි වෙලාවට ආහාර ගැනීමත් වැදගත්.

*ගැබිණි වූ ඔබේ සුවතාවය ගැන සිතීම මේ කාලයේ ඉතාමත් වැදගත්.

*ගැබිණි කාලය පුරාවට ඔබ උසස් මානසික ශක්තියකින් සිටිය යුතුයි. සෘණාත්මක සිතුවිලි ප්‍රතිශක්තිය දුර්වල කරයි. එබැවින් මේ කාලය තුල භය, ශෝක, ෙක්‍රා්ධ, ඊර්ෂ්‍යාව, මෝහය ආදී දුර්වල මනෝ භාවයන්ගෙන් බැහැරව ආදරණීය ඉවසීම ප්‍රගුණ කළ ගැහැණියක වීම ඉතාමත් ෙයා්ග්‍යයයි.

ඒ සඳහා යෝග සංයම අභ්‍යාස, නාඩි ශෝධන ප්‍රාණ යාම වැනි ස්වසන අභ්‍යාස, පුළුවන් නම් ඇවිදීම වැනි සුළු ව්‍යායාම දායක ⁣කර ගත හැකියි.

අද හා වත්මන් තත්ත්වය අනුව සමාජ බාහිර පරිසරයට යා නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබුණද ඔබට නිවස අවට ඇවිදීම, ස්වභාව සෞන්දර්ය විඳීම, කලබල නොවන සංගීතයකට යොමුවීම, පිරිත් භාවනා වැනි දේට යොමුවීම, ආදරණීයයන් සමඟ සුහද ගනුදෙනුවක යෙදීම අාදියට ෙයාමුවිය හැක. මොකද මේ ඔබට ලැබිල තියෙන නිදහස ප්‍රයෝජනවත් ය. කාර්යබහුලත්වයෙන් මිදී ආදරණීයයන් සමඟ කාලය නිදහසේ ගත කිරීමට හැකියාව ලැබීම එක්තරා මානසික සතුටක් වෙයි.

*පොත් කියවීම, යහපත් ගුණධර්මයන් වර්ධනයද වැදගත් ෙව්.

තව ඔබට ෙගවතු වගාවට වැඩි කාලයක් යොමුකිරීමට හැකිය. ඒ හරහා ඔබට ඔබේ දෑතින් වගා කළ පිරිසුදු නැවුම් එළවළු පලා ලබා ගැනීමට හැකිෙව්. එය ආර්ථික වශයෙන් රුකුලක් වගේම සිතට ගතට සැනසුමක් ද එක්කරයි.

*චෙස්, දාම් වැනි කැමති සරල ක්‍රීඩාවක යෙදීමටද හැකියි.

සැමියා සමඟ හෝ නිවසේ රැෙඳන සාමාජිකයන් සමඟ මෙවැනි දෑවලට යොමුවීම තුල ඔබට කායික මානසික පීඩනය වලකා ප්‍රබෝධය නිදහස සතුට වින්දනය ලැබෙනවා මෙන්ම මානව සම්බන්ධතා තුළින් ඔබේ කුසේ වැඩෙන පුංචි පැටියාගේ මානසික වර්ධනයට හා හොඳ පෞරුෂයකින් යුතු ගුණ ගරුක පුද්ගලයකු මෙරටට දායාද කළ මවක් පියෙක් වීමට හැකියාව ලැබෙනු ඇත.

තව ද ඔබගේ බිරිඳ මේ කාලය යම් අපහසුතාවක් පෙලේ නම් සැමියා ලෙස ඔබට ලැබී ඇති විවේකීභාවය තුළ ඇයට තවත් ළංව ආදරණීය චරිතයක් වීම තුළ ඇගේ ඒ පීඩා දුරුවනු ඇත.

සුවදායක නින්ද මේ කාලය තුළ ඔබව පමණක් නොව ඕනෑම කෙනෙකුව නිරෝගී කරයි. රාත්‍රී පැය හතක හෝ අටක සුවදායි අඛණ්ඩ නින්ද ප්‍රතිශක්තිය වර්ධනයට ඉතා වටී.

ගර්භණියක් ලෙස ඔබ මේ යන දින වකවානු පිළිබඳ බියෙන් සැකෙන් ශෝකයෙන් පසු වීම නුසුදුසු අතර රෝගය සම්බන්ධව අනියත බියක් ඇති කර නොගැනීම ඉතාමත් වටී. ඔබ මේ දිනවල සායන සඳහා සහභාගි වීම අවම වුවත් දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග හා අවදානම් යයි නිර්දේශිත නම් නිරන්තරයෙන් ඒවාට අදාල සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතුය. එසේම ඔබට කොරෝනා යයි සැක සහිත රෝග ලක්ෂණ මතු වුවහොත් නොපමාව සෞඛ්‍ය අංශ දැනුවත් කර ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා ක්‍රියාමාර්ග වෙත යොමු වීම වැදගත් ෙව්. එතුළින් සංකූලතා වැලකී ඔබටත් දරු පැටියාටත් නිරෝගී ජීවිතයක් උරුම වේවි.

(විශේෂ ස්තූතිය :

ආයුර්වේද වෛද්‍ය චේතිකා නාගහවත්ත

B.A.M.S(Hons), MA , Dip. Yoga (kelaniya)

රක්වාන ආයුර්වේද රෝහල)



උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »