Home / ජීවීතය සුන්දරද / රට විවෘත වුණත් පරෙස්සම් නොවුණොත් සැවොම යළි අවදානමක

රට විවෘත වුණත් පරෙස්සම් නොවුණොත් සැවොම යළි අවදානමක

2020-05-25 06:27:00       1047
feature-top
ඹියකුට කළහැකි දේ අලියකුට කළ නොහැකි අවස්ථා තිබෙනවා. සද්දන්ත සංවර්ධිත අමෙරිකාව ඉදිරියේදී අපේ රටත් කූඹියෙක් වගෙයි.

ඒත් ඒ සද්දන්ත දේශය නව කොරෝනා වෛරසය ඉදිරියේ පරාජය වෙද්දී පුංචි දූපතක් වන ශ්‍රී ලංකාව මුළු ලොවටම ආදර්ශයක් වෙමින් වෛරසය සාර්ථකව මැඬලමින් සිටිනවා. ඒ රජයත්, සුව විරුවනුත්, රණ විරුවනුත් දිවා රෑ නොබලා රටේ පුරවැසියන් ගේ නීරෝගිභාවය රැකගැනීමට දිවි නොතකා ක්‍රියාකිරීම හේතුවෙන්. අප අතර සිටින එක්කෙනෙක් දෙන්නෙක් අනුවණයන් ලෙස ක්‍රියා නොකරන්නට අපේ ආසාදිතයනගේ සංඛ්‍යාවත්, මරණ සංඛ්‍යාවත් මීටත් වඩා අඩු වන්නට තිබුණා. ඉදිරියේදීත් පුරවැසියන් වශයෙන් අපට යුතුකම් වගකීම් රැසක් පැවරී තිබෙනවා. අප ඒවා පැහැර හැරියොත් ලංකාවත් තවත් ඉතාලියක් අමෙරිකාවක් වීම වළක්වන්න බැහැ.

තවමත් කොවිඩ් - 19 වසංගතයට එරෙහිව එන්නතක් ඔසුවක් සොයාගෙන නැහැ. ඒ වාගේම ගෝලීයකරණයවූ ලොවක වෛරසයෙන් දිගින් දිගටම සැඟවී සිටීම ද කළ හැක්කක් නොවෙයි. ඒ නිසා කළ හැක්කේ රට විවෘත කළ පසුත් දිගින් දිගටම සුව විරුවන්ගේ උපදෙස් පිළිපැදීමයි. කොවිඩ් - 19 වසංගතය මැඬලීමේදී දිනකට පීසීආර් පරීක්ෂණ රැසක් සිදුකරමින් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන්නේ බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (එම් ආර් අයි) අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සුව විරුවාණන්. ඒ මහතා පීසීආර් පරීක්ෂණ ගැනත් රට විවෘත කළ පසු සාමාන්‍ය ජනතාව ක්‍රියා කළයුතු ආකාරය ගැනත් තරුණී පාඨකයන් මෙලෙසින් දැනුවත් කළා.

* පීසීආර් පරීක්ෂණ කී සැණින් අපේ මතකයට එන්නේ එම්ආර්අයි ආයතනයයි. දැනට මොනතරම් පරීක්ෂණ සිදුකරනවාද ?

ලංකාවේ දිනකට පරීක්ෂණ 1400 ක් පමණ සිදුකරනවා. වැඩිපුරම පීසීආර්පරීක්ෂණ සිදුකරන්නේ අපේ ආයතනයයි. දිනකට 500 ක් පමණ සිදුකරනවා. දැන් ස්ථාන 14 ක පමණ පීසීආර් පරීක්ෂණය කළත් ඒවායේ දවසකට කරන්න පුළුවන් පරීක්ෂණ ගණන සීමිතයි. මේ වෙන කොට ලංකාවේ පීසීආර් පරීක්ෂණ තිස් දහසක් කරලා තියෙනවා. ආසාදිතයන් හමුවෙලා තියෙන්නෙ අටසිය ගණනයි. මියගියේ නව දෙනයි.

More News »