56 Views  
     Happy Life
"මුරුංගා සාරයෙන් සමෙහි ගල්වන ආලේපන නිපදවීමට යයි




දශක ගණනාවක්‌ මුළුල්ලේ දියවැඩියාව රෝගයට ගුණදායක වූ එළවළුවක්‌ සේ සැළකුණු මුරුංගා පාරිසරික හේතූන් මත වෙනස්‌වන සමෙහි සෛල ප්‍රකෘති තත්ත්වයට පත් කර වයසට යැම වැළැක්‌වීමට ක්‍රියා කරන බව බටහිර පර්යේෂණවලදී අනාවරණය වී තිබේ.

මුරුංගා ශාකයෙහි අඩංගු අධික ප්‍රොaටීන් හා වෙනත් සංයෝග හේතුවෙන් ආතරයිටීස්‌ ඇතුළු රෝග ගණනාවක්‌ සුව කිරීම සඳහා මුරුංගා සාරය ආශ්‍රිතව ආහාර ආදේශකයන් (ඩයට්‌රි සප්ලමන්ට්‌) නිපදවීම කෙරෙහි බටහිර රටවල් යොමුව තිබෙන බව වාර්තා වේ.

විශේෂයෙන්ම මුරුංගාවල පවතින සමෙහි සෛල නිරෝගීව පවත්වාගෙන යාමේ හැකියාව හේතුවෙන් මුරුංගා සාරය යොදා ගෙන සමෙහි ගල්වවන ආලේප නිපදවීමේ හැකියාවක්‌ද පවතින බව බටහිර පර්යේෂකයෝ පෙන්වා දී තිබේ.

මුරුංගා පිළිබඳව පර්යේෂණ පැවැත්වූ ඉල්යා රස්‌කින්ට අනුව මුරුංගාවල පවතින රෝග නිවාරණ ගුණය නිසාම අද එය සිය නිජබිම වන අග්නිදිග ආසියාතික රටවල ට පමණක්‌ නොව අප්‍රිකානු හා දකුණු ඇමරිකානු රටවල මෙන්ම හවායි දූපතේද මේ වනවිට වගා කර තිබේ.


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks