200 Views  
     Happy Life
මැදිවයස පසු කරන අය අතර බහුල
කායික හේතුවක්‌ නැති පීඩාකාරී වේදනාව...



මානසික අසමතුලිතතාවයෙන් ඇතිවන කායික සංකූලතා

මානසික අසමතුලිතතාවය නිසාවෙන් ඇතිවන කායික සංකූලතා (psychosomatic) එන්න එන්නම වැඩිවන බවක්‌ දක්‌නට ලැබේ. මෙම තත්ත්වය පොදුවේ ගැහැනු, පිරිමි දෙපිරිසටම ඇතිවන අතර වයස්‌ භේදයක්‌ ද නොවේ. එහෙත් අද වන විට මැදි වයස පසුකරන අය අතර යම් බහුල බවක්‌ දක්‌නට ලැබේ.

විශේෂයෙන්ම අතිශය කාර්ය බහුල, කාල කළමනාකරණයෙන් තොරව, කරන කාර්ය මහා බරක්‌, වදයක්‌ කරගත් අයට මෙම සංකූලතා ඇති වන්නේය. එසේ වීමේදී අතේ, පයේ, උරහිස, ඇලපත, පිටකොන්ද, අස්‌ථි ආශ්‍රිත ප්‍රදේශවල වේදනාවක්‌ ඇතිවීම දක්‌නට ලැබෙන සංකූලතාවය.

වරෙක මෙම වේදනාව උත්සන්න වේ. තමන් වරෙක සමනය වන බවක්‌ දැනේ. ප්‍රතිකාරයක්‌ නැතිව සුවවන බවක්‌ වරෙක දැනේ. වේදනාව නිසාවෙන් නින්ද යන්නේ නැති බවට ඔවුහු මැසිවිලි නඟති. එහෙත් මෙහිදී සිදුවන්නේ වේදනාව නිසාවෙන් නින්ද නොයැමක්‌ නොව නින්ද නොයැම නිසාවෙන් වේදනාව ඇතිවීමයි.

නව යෞවනයේ දරුවන්ට, තරුණ අයට රැකියාව, අධ්‍යාපනය නිවෙසේ වැඩ කරදරයක්‌ ලෙසට දැනීමේදී වේදනාව ඇතිවන අවස්‌ථා තිබේ. මෙහි ප්‍රධාන වරද නිසි කාල කළමනාකරණයක්‌ නොවීම බව පැහැදිලිව වටහා ගත හැකි කාරණාවයි.

මැදිවිය පසුකරන වයසේ පසුවන කාන්තාවන් දෙස බැලීමේදී සැමියා සහ දරුවන්ගේ අවධානයක්‌ තමා වෙත නොමැති බව දැනීමේදී මෙවැනි වේදනා තත්ත්ව ඇතිවිය හැකිය.

විවාහ ජීවිතයේ අමිහිරි සිදුවීම් මත සැමියාගේ අවධානය නැති විටෙක වේදනාව ඇතිවන බව පෙනේ.

පිsරිමි අය දෙස බැලීමේදී විශේෂයෙන්ම උසස්‌ අධ්‍යාපනයේ දිගටම නිරත වන අතර රැකියාවක්‌ කිරීම තුළ මෙම කාර්ය දෙකෙහි සමබරතාවය වටහා ගැනීමට අපහසු අයට වේදනාව ඇති වීමට පුළුවන.

මෙවැනි වේදනා ඇතිවීමට හේතුව මානසික අසමතුලිතතාවය නිසාවෙන් දැයි දැනගැනීමට යම් නිර්නය සඳහා විවිධ වෛද්‍ය වාර්තා බැලීම තුළ ඒවා සාමාන්‍ය තත්ත්වයේ පැවතීමත් වේදනාව දිගටම පැවතීම තුළ රෝග තත්ත්වය තීරණය කරගත හැක.

ඉන්පසු හේතු සොයා බැලීමේදී ප්‍රධාන හේතුව ලෙසට කාල කළමනාකරණය නොකිරීම හඳුනාගත හැක.

රැකියාවක නියුතු නම් රැකියාවේ කටයුතු නිසි පරිදි නිම කර එම ප්‍රශ්න නිවසට නොගෙන යන තරමට මානසික සමතුලිතතාවය පවත්වා ගෙන යැම පහසුය. එසේ නොවී රැකියාවේ ප්‍රශ්න නිවෙසටත්, නිවෙසේ ප්‍රශ්න රැකියා ස්‌ථානයටත් ගෙන යැම තුළ ඇතිවන මානසික අසමතුලිතතාවය හොඳ දෙයක්‌ නොවේ.

රැකියාව, අධ්‍යාපනය, ගෘහ ජීවිතය යන කටයුතු එකට කිරීමේදී සමබරව කාල කළමනාකරණයෙන් මෙම කටයුතු කිරීමට වගබලා ගත යුතුය. මෙවැනි අවස්‌ථාවල පවුලේ සහයෝගය අත්‍යවශය වන්නේ එම පුද්ගලයාගේ මානසික සමබරතාව පවත්වා ගැනීමට සහයෝගයක්‌ ලබාදීමටයි.

ඇතැම් වැඩිහිටියෝ නිදි නොලබමින් තමා තනිවී ඇතැයි යන කාරණාව හමුවේ පසුතැවිලි වීම මෙම වේදනාවට හේතුවන අවස්‌ථා ඇත.

අද බොහෝ පවුල්වල දරුවන් උසස්‌ අධ්‍යාපනයට විදේශගත වී සිටී. නැතිනම් විවාහයෙන් පසු පදිංචිය විදේශ රටවල වීමේදී මව්පියන් හුදකලා වන අයුරක්‌ තිබේ. සමාජය දෙස බැලීමේදී මෙවැනි බොහෝ මවුපියෝ මෙම හේතුවක්‌ රහිත වේදනාවෙන් පීඩා විඳින්නේ මානසික අසමතුලිතතාවය නිසාවෙනි.

මෙවැනි අය විශේෂයෙන්ම සුදුසු විනෝදාංශයක යෙදීම යෝග්‍යය. මල් වැවීම, මනස සැහැල්ලු කරන සංගීතයට සවන්දීම, ගීත ගායනය, ආගමික ස්‌ථානවලට යොමුවීම, ස්‌වභාව සෞන්දර්ය නැරඹීමට පුරුදු වීම වැනි දෙය වඩාත් යෝග්‍යය. තවද නිතර පිරිසිදු ඇල්දිය පානය කළ යුතු අතර සමබර ආහාරයක්‌ අවශ්‍යය. කායික වශයෙන් සමබරතාවය පවත්වා ගැනීම තුළින් මනස නිරවුල්කර ගැනීමට එය උදවු වන තත්ත්වයක්‌ තිබේ.

කාර්යාලයක හෝ ඉගෙන ගන්නා ස්‌ථානවල අන් අයගේ දේ සොයමින් අනවශ්‍ය ආතතියක්‌ ඇති කර නොගනිමින් සිටීම මානසික අසමතුලිතතාවයක්‌ ඇති නොවීමට හේතුවක්‌ වනු ඇත. එනම් අන් අය සමඟ තමා සන්සන්දනය සුදුසු දෙයක්‌ නොවන බව සිහිතබා ගත යුතුය. සන්සන්දනය රෝගවලට හේතුවක්‌ විය හැකි බව අමතක නොකළ යුතුය.

රාත්‍රී නින්දට පෙර ආගමික වතාවත් ඉටු කිරීම, මගින් මනස සැහැල්ලු වීමේදී පසු දින නව ජවයකින් පිබිදීමේ හැකියාව ලැබේ. එමෙන්ම උසස්‌ අධ්‍යාපනය ලබන අය මධ්‍යම රාත්‍රිය පසු වී නින්දට යැම සිරුරට අහිත කර විය හැකි අවස්‌ථා තිබේ. අවම වශයෙන් පැය 6 ක්‌ වත් හොඳ නින්දක්‌ අවශ්‍ය වන්නේ මනස සමතුලිතතාවයෙන් තබා ගැනීම වෙනුවෙනි. මෙහිදී නින්ද ගැන කතා කිරීමේදී කඩින් කඩ නින්ද නොව එක දිගට පැය හයක නින්ද අවශ්‍ය බව අමතක නොකළ යුතුය.

පවුලේ අසාමාන්‍ය ලෙස ගැටලු පවතී නම් ගැටලුවලට හේතු සොයා විසඳාගැනීමට සාකච්ඡා කිරීමෙන් අසමගිතා ඉවත් කර ගැනීම මත මනස සැහැල්ලු වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එය එලෙසින් වන නිසාවෙන් ඒ අනුව කටයුතු කිරීමට පසුබට නොවිය යුතුය.

මෙම වේදනාව එකම තැනෙක නොව තැනින් තැනට යන බවක්‌ මෙම තත්ත්වයට පත්වූවෝ පවසති. මානසික වේදනාවෙන් කායික වේදනාව ඉස්‌මතු වන මෙම අවස්‌ථාව සඳහා මානසික පසුබිම නිවැරදි කර ගැනීම තුළ සහනය ලැබෙනු ඇත.

මෙවැනි අය වෛද්‍යවරු මුණ ගැසීමේදී දැන ගැනීමට ඇති කරුණු අතර ඔවුන්ට කතා බහ කරන්නට කෙනෙක්‌ නොමැති බවට වන මැසිවිල්ල දැන ගැනීමට ඇති කාරණාවයි. මෙවැනි රෝගීන් වෛද්‍යවරයා සමඟ දිගට කතා කිරීමේදීම රෝගය සුවවන තත්ත්වයන් තිබේ.

චීනකටු වෛද්‍ය ක්‍රමය තුළ නිවැරදිව රෝගය විනිශ්චය කර සුදුසු ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබේ. ඒ අතරම උපදේශනයට යොමු කෙරේ. වේදනාව නැති කිරීමට සාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබේ. නිල උත්තේජනයෙන් රෝගයට ප්‍රතිකාරය ලබාදීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.

මනස අසමතුලිත වීමට හේතුවන සිතුවිලි වලින් හැකි තරම් ඈත් වී සිටීමත්, මනස සමතුලිතතාවයේ පවත්වා ගැනීමට සුදුසු ආකාරයෙන් කටයුතු කිරීමටත් චීන කටු ප්‍රතිකාරයෙන් පසු උපදෙස්‌ ලබාදේ.

මැදිවිය පසුකරමින්, හුදකලා ජීවිතයක මානසික පීඩාව තුළ මනස අසමතුලිත වීමෙන් ඔබත් යම් හේතුවක්‌ රහිත කායික වේදනාවකින් පීඩා විඳිනවාද? නැතිනම් කුමන වයසක හෝ පසුවන ඔබ මානසික අසමතුලිතතාවයෙන්ද? සිරුරේ හේතුවක්‌ නැති වේදනාවක්‌ද? එසේ නම් රෝග සුවයට නොමිලේ චීනකටු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ඔබටත් හැකියාව තිබේ. වැල්ලවත්ත, බෞද්ධ මධ්‍යස්‌ථාන පාරේ පිහිටි මහාචාර්ය ඇන්ටන් ජයසූරිය අනුස්‌මරණ රෝහල තුළදී ඔබට එම අවස්‌ථාව ලබා ගැනීමේ හැකියාව තිබේ.


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks